Latestදේශීය

යෝෂිත, ඩේසි නඩුව නොවැ. 03ට කල්යයි

වසර 4ක කාල­යක් තුළදී උපයාගත් ආකා­රය හෙළි­ කළ නොහැකි රුපි­යල් ලක්ෂ 596කට ආසන්න වත්ක­ම්වල හිමි­කා­රී­ත්වය දැරීම ඇතුළු මුදල් විශු­ද්ධි­ක­රණ චෝදනා යටතේ හිටපු නාවික හමුදා ලුති­නන් යෝෂිත රාජ­පක්ෂ සහ ඔහුගේ මිත්ත­ණිය වන ඩේසි ෆොරස්ට්ට එරෙ­හිව පවරා ඇති නඩුවේ සංශෝ­ධිත අධි­චෝ­දනා පත්‍රය ලබන නොවැ­ම්බර් 3 වැනිදා ඉදි­රි­පත් කරන ලෙස කොළඹ මහා­ධි­ක­ර­ණය ඊයේ (28) නියෝග කළේය. කොළඹ මහා­ධි­ක­රණ විනි­සුරු රශ්මි සිංග­ප්පුලි මහතා ඉදි­රියේ මෙම නඩුව කැඳවූ අව­ස්ථාවේ ඇප­මත මුදා­හැර සිටින විත්ති­කාර යෝෂිත රාජ­පක්ෂ පම­ණක් අධි­ක­ර­ණයේ පෙනී සිටි­යේය. 2 වැනි චුදිත වන ඩේසි ෆොරස්ට් මහ­ත්මිය වෙනු­වෙන් පෙනී සිටි නීතිඥ අනිල් ද සිල්වා මහතා සිය සේවා­දා­යි­කාව අස­නී­පව සිටින බවට වෛද්‍ය වාර්තා­වක් ඉදි­රි­පත් කර­මින් කරුණු දැක් වූයේය. එහිදී පැමි­ණිල්ල මෙහෙ­යවූ රජයේ අධි­නී­තිඥ ඔස්වල්ඩ් පෙරේරා මහතා කරුණු දක්ව­මින් විත්ති­ක­රු­වන්ට සමාන චෝදනා යටතේ වෙනත් අධි­ක­ර­ණ­යක ද නඩු­වක් පව­තින බව කියා සිටි­යේය. එහිදී දෙවැනි විත්ති­කා­රිය නඩු­ව­කට මුහු­ණ­දී­මට ප්‍රමා­ණ­වත් මාන­සික මට්ට­මක නොසි­ටින බවට වෛද්‍ය මණ්ඩ­ල­යක් විසින් තීර­ණය කර තිබීම නිසා ඇය මුදා­හැර, පළමු විත්ති­කරු වන යෝෂිත රාජ­ප­ක්ෂට පම­ණක් එරෙ­හිව නඩුව පව­ත්වා­ගෙන යන බව රජයේ අධි­නී­ති­ඥ­ව­රයා වැඩි­දු­ර­ටත් දැනුම් දුන්නේය.

එම චෝදනා පත්‍රය සංශෝ­ධ­නය කිරී­මට එරෙ­හිව විත්ති පාර්ශ්වය අභි­යා­ච­න­යක් ඉදි­රි­පත් කළ අව­ස්ථා­වේදී එය නිය­මිත ආකා­ර­යට සිදුව ඇති බවට අභි­යා­ච­නා­ධි­ක­ර­ණය නියෝග කර ඇති බව පැව­සීය. එම නියෝ­ග­යට එරෙ­හිව විත්ති­කරු ශ්‍රේෂ්ඨා­ධි­ක­ර­ණ­යට පෙත්ස­මක් ඉදි­රි­පත් කර පසුව ඉල්ලා අස්ක­ර­ගෙන තිබේ. ඒ අනුව මෙම නඩු­වේද අධි­චෝ­දනා පත්‍රය සංශෝ­ධ­නය කර පළමු චුදිත සම්බ­න්ධ­යෙන් පම­ණක් නඩුව පව­ත්වා­ගෙන යෑමට අද­හස් කරන බව පැමි­ණිල්ල කියා සිටි­යේය. ඒ සඳහා නඩුව නොවැ­ම්බර් 3 වැනිදා කැඳ­වී­මට නියෝග කළ මහා­ධි­ක­රණ විනි­සු­රු­ව­රයා, එදි­නට අධි­ක­ර­ණයේ අනි­වා­ර්ය­යෙන්ම පෙනී සිටින ලෙසට විත්ති­ක­රු­වන්ට නියෝග කළේය. 2009 වසරේ මාර්තු මස 31 වැනිදා සහ 2013 වසරේ දෙසැ­ම්බර් මස 12 වැනිදා අතර කාලය තුළ කොළඹදී සහ තංගල්ලේ දී රුපි­යල් පන්සිය අනූ­හය ලක්ෂ හැත්තෑ­න­ව­ද­හස් නව­සී­යක (59,679,900) මුද­ලක් උප­යා­ගත් ආකා­රය හෙළි­කළ නොහැ­කි­වීමේ චෝද­නාව මත විත්ති­ක­රු­වන්ට එරෙ­හිව මෙසේ නඩු පවරා ඇත. නීති­වි­රෝධි ක්‍රියා­කා­ර­ක­ම­කින් හෝ ක්‍රියා­කා­ර­කම් කිහි­ප­ය­කින් ලද මුදල් බව දැන දැනම හෝ එසේ දැන­ගැ­නී­මට හේතු සහි­තව, එම මුදල් ඍජු­වම හෝ වක්‍රව බැංකු ගිණු­ම්වල සහ ස්ථාවර තැන්ප­තු­වල තැන්පත් කිරීම සම්බ­න්ධ­යෙන් මෙම චෝදනා ගොනු කර තිබේ.

විත්ති­ක­රු­වන් රුපි­යල් මිලි­ය­නය බැගින් වූ ශරීර ඇප දෙකක් මත මුදා­හැර ඇත.

@දිනමිණ


Discover more from cmn.lk

Subscribe to get the latest posts sent to your email.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *