Latestදේශීය

රනිල් අද අධිකරණයට

හිටපු ජනාධිපති රනිල් වික්‍රමසිංහ සහ හිටපු ජනාධිපති ලේකම් සමන් ඒකනායකට එරෙහිව පොදු දේපොළ පනත යටතේ ගොනු කර ඇති නඩුව අද (30) කොළඹ කොටුව මහේස්ත්‍රාත් අධිකරණයේදී යළි කැඳවීමට නියමිතව තිබේ.

රාජ්‍ය මුදල් අවභාවිත කළ බවට සැකපිට අදාළ නඩුව ගොනු කර ඇති අතර, සිද්ධිය සම්බන්ධයෙන් සිදුකළ විමර්ශන අවසන් කර ඊට අදාළ උද්ධෘත නීතිපතිවරයා වෙත යොමු කර ඇති බව අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව මීට පෙර අධිකරණයට දැනුම් දී තිබුණි.

ඒ අනුව, නීතිපතිවරයාගේ ස්ථාවරය අධිකරණයට දැනුම් දීම සඳහා මෙම නඩුව අද කැඳවීමට කොළඹ කොටුව මහේස්ත්‍රාත් පසන් අමරසේන මහතා නියම කර තිබේ.

නඩුව සම්බන්ධයෙන් ඉදිරි නීතිමය ක්‍රියාමාර්ග නීතිපතිවරයාගේ ස්ථාවරය අනුව තීරණය වීමට නියමිතය.

@දිනමිණ


Discover more from cmn.lk

Subscribe to get the latest posts sent to your email.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *