Latestදේශීය

ගෝඨාගේ පෙත්සම ඉවතට

තමන්ව අත්අඩංගුවට ගැනීම වළක්වන ලෙස ඉල්ලා හිටපු ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ ගොනුකළ පෙත්සම අභියාචනාධිකරණය විසින් විභාගයට නොගෙනම නිෂ්ප්‍රභ කරනු ලැබ තිබේ.

එම පේතසම මගින් හිටපු ජානාධිපති ගෝටාබය රාජපක්ෂ අභියාචනාධිකරණයෙන් ඉල්ලා තිබුණේ, පාස්කු ඉරුදින ත්‍රස්ත ප්‍රහාර සිද්ධිය සම්බන්ධයෙන් සිදුකරන විමර්ශනවලට අදාළව, අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව මඟින් තමන්ව අත්අඩංගුවට ගෙන ත්‍රස්තවාදය වැළැක්වීමේ පනත යටතේ රඳවා ගැනීම වළක්වන නියෝගයක් නිකුත් කරන ලෙසය.

මෙම නියෝගය නිකුත් කර ඇත්තේ, අභියාචනාධිකරණ සභාපති විනිසුරු රොහාන්ත අබේසූරිය සහ සරත් දිසානායක යන විනිසුරු මඩුල්ල මඟින් අදාළ පෙත්සම පිළිබඳ කරුණු සලකා බැලීමෙන් අනතුරුවය.

@Lankatruth.com


Discover more from cmn.lk

Subscribe to get the latest posts sent to your email.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *