ජන අරගල “ජන ප්‍රතිරෝධය” කොළඹට
” ජඩ බදු හකුලාගනිව් ! ජීවන බර පහත දමව් ! ” මැයෙන් ජන අරගල ව්‍යාපාරය සංවිධානය කළ විරෝධතා පාගම අද (03) පස්වරු 1.30ට බොරැල්ල කැම්බල් පිටිය අසලින් ආරම්භ විය. විරෝධතාකරුවන් බොරැල්ල හරහා කොළඹ කොටුව දුම්රිය ස්ථානය වෙත පැමිණෙන ලදී.
එහිදී අදහස් දැක්වූ ජන අරගල ව්‍යාපාරයේ ජාතික විධායක සභික වසන්ත මුදලිගේ
" අපි අද මේ පා ගමන සංවිධානය කළේ මේ ආණ්ඩුව ක්‍රියාත්මක කරන අසාධාරණය බදු ප්‍රතිපත්තියට එරෙහිව. අද වෙද්දි රටේ ජනතාවට පෝෂ්‍යදායක ආහාර වේලක් තබා දෙවේලක් බඩපිරෙන්න කාලා ඉන්නවත් පුලුවන් ආර්ථික තත්වයක් නැහැ. ආණ්ඩුවේ ඇමතිවරු පම්පෝරි ගහනවා භාණ්ඩාගාරේ ඉතිරෙනවලු. ආර්ථික වර්ධනය ධන වෙලාලු. අපි අහන්නේ රටේ දරුවන්ගෙන් හතරෙන් එකකට මන්දපෝෂණය නම්, ඉස්පිරිතාලේ අත්‍යාවශ්‍යය ඖෂධ ටික නැතුව ලෙඩ්ඩු මැරෙනව නම් එහෙම ආර්ථික සංවර්ධනයක් මොකටද ?
රනිල් වික්‍රමසිංහලා ප්‍රමුඛ රාජපක්ෂ ආණ්ඩුව එදා IMF එක පිනවන්න මේ රටේ ධනකුවේරයන්ට බදු සහන දුන්නා. ආර්ථික පරිවර්තන පනත ඇතුළු අසාධාරණ පණත් සම්මත කරගෙන රටේ සාමාන්‍යෙ ජනතාව මත විශාල බදු බරක් පැටෙව්වා. ඒ ජනතාද්‍රෝහී වැඩපිළිවෙළ පරාජය කරන්න තමයි ජනතාව NPP ආණ්ඩුවට ඡන්දය දුන්නේ. දැන් මේ ආණ්ඩුව බලයට ඇවිත් අවුරුදු දෙකක් වෙනවා. හැබැයි ජනතාවට ලැබුණු දෙයක් නැහැ.
දිට්වා නිසා නිවාස අහිම් වුණ අවතැන් වුණ මිනිස්සු තවම ඉන්නවා. අපි තහඩුවක් ගියත් ලක්ෂ දහයක් දෙනවා කියලා පම්පෝරි ගහපු ජනාධිපති ඇතුළු ආණ්ඩුවට තාම බැරි වුණා ඒ මිනිස්සුන්ගේ ප්‍රශ්න විසඳන්න. කාන්තාවන්ගේ සනීපාරක්ෂක තුවාවලට 20%කට වැඩි බද්දක් පණවලා තියනවා. සාමාන්‍යෙ ජනතාව පාවිච්චි කරන අත්‍යාවශ්‍යය ආහාර මත විශාල බදු බරක් පටවලා ඉවරයි. අද පොඩි දරුවන්ට මස් කෑල්ලක් බිත්තරයක් එක්ක බත් ටිකක් කවන්න අම්මලට වත් කමක් නැහැ. ලෝක සෞඛය සංවිධානයේ වාර්තා කියනවා ලංකාවේ අවුරුදු පහට අඩු දරුවන්ගෙන් පහෙන් එකකට මන්දපෝෂණය කියලා. මේක ඉතාම අවාසනාවන්ත තත්වයක්.
ආණ්ඩුව IMF එක සහ ධනකුවේරයෝ ටිකක් එකතුකරගෙන රටේ සාමාන්‍යෙ ජනතාවට දිගට හරහට ප්‍රහාර එල්ල කරනවා. අද රනිල් වික්‍රමසිංහලා මෙ ප්‍රහාරය දිහා හිනාවීගෙන බලාගෙන ඉන්නවා. මොකද රනිල්ගෙ ආර්ථික වැඩපිළිවෙළ තමයි ඊටත් වඩා හොඳට මේ ආණ්ඩුව ක්‍රියාත්මක කරන්නේ. රාජපක්ෂ කල්ලියට ජනතාවගේ ප්‍රශ්න අදාළ නැහැ. ඒගොල්ලො කතාකරන්නේ මැදමුලනෙ ප්‍රශ්න ගැන විතරයි. සජිත් ප්‍රේමදාසල බලාගෙන ඉන්නවා ඡන්දයක් එනකං ඒගොල්ලන්ගේ ආණ්ඩුවක් හදාගන්න. ඒ නිසා ඔය පාර්ලිමේන්තු විපක්ෂයේ ඉන්න මොකෙක්වත් ජනතාවගේ ප්‍රශ්න ගැන කතාකරන්නේ නැහැ.
අන්න ඒ නිසා අපි හිතනවා මේ විශාල ආර්ථික ප්‍රහාරයට එරෙහිව ජනතාව සංවිධානය විය යුතුයි. දැන් තව ටික දවසකින් මීළඟ අයවැය පාර්ලිමේන්තුවට එන්න නියමිතයි. ඒ අයවැයෙනුත් වෙන්නේ ජනතාව මත ගහපු බදු තව වැඩි කරන එක. ඒ නිසා අපි ජනතාවට කියනවා මෙන්න මේ අසාධාරණ ජඩ බදු ප්‍රතිපත්තියට එරෙහිව පාරට බහින්න කියලා. අපි ජන අරගල ව්‍යාපාරය විදිහට මේ අසාධාරණ බදු ප්‍රතිපත්තිය පරාජය කරන්න අදාළ මැදිහත් වීම කරනවා. "

Discover more from cmn.lk
Subscribe to get the latest posts sent to your email.

