Latestක්‍රීඩාදේශීය

ශ්‍රී ලංකාවට ලෝකඩ පදක්කම

ජපානයේ පැවැත්වෙන ආසියානු ක්‍රීඩා උළෙලේ පිරිමි ක්‍රිකට් ලෝකඩ පදක්කම දිනාගැනීමට ශ්‍රී ලංකා කණ්ඩායම අද (03) සමත් විය.

ඒ ලෝකඩ පදක්කම වෙනුවෙන් පැවැති තරගයේදී බංග්ලාදේශ කණ්ඩායම ලකුණු 63කින් පරාජයට පත් කරමිනි.

තරගයේ පළමුවෙන් පන්දුවට පහරදුන් ශ්‍රී ලංකා කණ්ඩායම නියමිත පන්දුවාර 20 අවසානයේ කඩුලු 9ක් දැවී ලකුණු 165ක් රැස් කළේය.

ඒ අනුව හිමි වූ ලකුණු 166ක ඉලක්කය හඹා ගිය බංග්ලාදේශ කණ්ඩායමට සියලු දෙනා දැවී රැස්කර ගැනීමට හැකිවූයේ ලකුණු 102ක් පමණි.

මෙය මෙවර ආසියානු ක්‍රීඩා උළෙලේදී ශ්‍රී ලංකාව දිනාගත් තෙවන පදක්කම වන අතර, මේ වන විට ශ්‍රී ලංකාව රන්, රිදී සහ ලෝකඩ පදක්කම බැගින් දිනාගැනීමට සමත්ව සිටියි.

@sinhala.adaderana.lk


Discover more from cmn.lk

Subscribe to get the latest posts sent to your email.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *