Latestවිදේශීය

තෙල් සංචිත මුදා හැරීමට G7 තීරණය කරයි

G7 රටවල් සිකුරාදා ඩීසල් සහ බොරතෙල් බැරල් මිලියන 100ක් දක්වා ලෝක වෙළඳපොළට මුදා හැරීමට පොරොන්දු වීමත් සමග ලෝක බොර තෙල් මිල සුළු වශයෙන් පහත වැටෙමින් තිබෙන බව වාර්තා වේ.

මැද පෙරදිග යුද්ධය අවසන් වන දිනයක් තවමත් උදා නොවීම හේතුවෙන් G7 රටවල නායකයින් මෙම තීරණය ගෙන ඇති බව වර්තා වේ. යුරෝපා සංගමය තම සංචිත අපනයන සඳහා නිකුත් කරනු නො ලැබුව හොත් ඇමරිකාව තම තෙල් හා ගෑස් ඔවුන්ට ලබා නො දෙන බවට මිට පෙර ට්‍රම්ප් තර්ජනය කර තිබිණි. යුරෝපා සංගමයේ 50%ක ගෑස් අවශ්‍යතාවය පිය වනු ලබනුයේ ඇමරිකාව විසිනි.,

ඒ අනුව මෙම දැනුම් දීමත් සමග දෙසැම්බර් මාසයේ බෙදා හැරීම සඳහා උතුරු මුහුදෙන් ලබා දෙන බ්‍රෙන්ට් බොර තෙල් මිල බැරලයකට ඩොලර් 102.25 දක්වා එනම් 0.06%කින් පහත වැටිනි. නොවැම්බර් මාසයේ බෙදා හැරීම සඳහා එහි එක්සත් ජනපද සමාන කම වන බටහිර ටෙක්සාස්හිද එය ඩොලර් 91.11 දක්වා 1.90%කින්ද පහත වැටිනි. උපායමාර්ගික සංචිත මුදා හැරීම අපේක්ෂාවෙන් මිල ගණන් සැලකිය යුතු ලෙස අඩු වීමක් දක්නට ලැබෙන බව වාර්තා වේ.

මාස හතරක කාලයක් සඳහා ඩීසල් සහ බොරතෙල් බැරල් මිලියන 100ක් දක්වා මුදා හරිනු ඇතැයි G7 නායකයෝ පසුගිය සිකුරාදා එකඟතාවය පල කර තිබේ. ඉදිරි දින 20 තුළ ඩීසල්ද තොග සැලකිය යුතු ලෙස වෙළඳපොළට මුදා හරිනු ඇති බව G7 සාමාජික රටවල ප්‍රකාශයක සඳහන් වේ. යුරෝපා සංගමය සතුව තෙල් බැරල් මිලියන 771ක සංචිත ඇති බව වාර්තා වේ.

ඒ අනුව මෙම උපාය මාර්ගික තෙල් වෙළඳපොළට ලැබීමත් සමග තෙල් මිල සැලකිලිමත් ලෙස පහත වැටෙනු ඇත.

@Lankatruth.com


Discover more from cmn.lk

Subscribe to get the latest posts sent to your email.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *