222222222V ශිරන්තිගේ නෙවෙයිලු
ශ්‍රී ලංකා පොදු ජන පෙරමුණ මාධ්‍ය හමු සහ ගෘහස්ථ ජන හමු පවත්වමින් ඔවුන්ගේ අනුගාමිකයින් නොමග යැවීමට කරන ප්‍රකාශ පිළිබඳව නිරීක්ෂකයන්ගේ දැඩි අවධානය යොමු වී තිබේ.
විශේෂයෙන් ම එම පක්ෂයේ මහ ලේකම් නීතිඥ සාගර කාරියවසම් ඇතුළු නීතිඥවරු ඔවුන්ගේ අනුගාමිකයින් හමුවේ කරන ප්‍රකාශ නොදුරේ දී ම ජාතික හැඳුනුම්පත් අංක 222222222V ශිරන්ති රාජපක්ෂගේ නොව, මේරි ලූඩ්ස් වික්‍රමසිංහ නැමැත්තියගේ බව ප්‍රකාශ කිරීමට ඉඩ ඇතැයි උපහාසයෙන් යුතුව පෙන්වා දී තිබේ.
ශිරන්ති රාජපක්ෂ ලෙස දේශපාලන අවශ්‍යතාවය මත නම වෙනස් කිරීමට පෙර සැබෑ ලෙස ම ඇයගේ උප්පැන්න සහතිකයේ නම ලෙස සඳහන් වී ඇත්තේ මේරි ලූඩ්ස් වික්‍රමසිංහ යනුවෙනි. ශිරන්ති රාජපක්ෂ ඊයේ (05) රාත්‍රියේ යළි මෙරටට පැමිණියේ නීති ගැට මගින් බේරී යාමට දැරූ සියළු උත්සාහයන් අසාර්ථක වීමෙන් පසුව ය.
@Lankatruth.com
Discover more from cmn.lk
Subscribe to get the latest posts sent to your email.

