Latestදේශීය

රෝහිත බෝගොල්ලාගම නඩු විභාගය අවසන් වනතුරු බන්ධනාගාරයට

දූෂණ චෝදනාවක් සම්බන්ධයෙන් අල්ලස් හෝ දූෂණ චෝදනා විමර්ශන කොමිෂන් සභාව විසින් ගොනු කර ඇති නඩුවකට අවස්ථා කිහිපයකදී අධිකරණය හමුවේ පෙනී නොසිටීම හේතුවෙන් විවෘත වරෙන්තු නිකුත් කර සිටි හිටපු අමාත්‍ය රෝහිත බෝගොල්ලාගම නඩු විභාගය අවසන් වන තෙක් රක්ෂිත බන්ධනාගාරගත කිරීමට කොළඹ මහාධිකරණය අද (07) නියෝග කළේය.

මහාධිකරණ විනිසුරු රශන්ත ගොඩවෙල මහතා විසින් මෙම නියෝගය නිකුත් කර තිබේ.

විවෘත වරෙන්තු මත සිටි හිටපු අමාත්‍යවරයා අල්ලස් කොමිසමේ නිලධාරීන් විසින් අත්අඩංගුවට ගෙන අධිකරණයට ඉදිරිපත් කර තිබිණි.

අදාළ නඩුව සම්බන්ධයෙන් අල්ලස් කොමිසම විසින් අධිකරණය හමුවේ සිදුකළ කරුණු දැක්වීම සලකා බැලීමෙන් අනතුරුව මහාධිකරණ විනිසුරුවරයා විසින් මෙම නියෝගය ලබාදී ඇත.

ඒ අනුව, අදාළ නඩු විභාගය අවසන් වන තෙක් රෝහිත බෝගොල්ලාගම රක්ෂිත බන්ධනාගාරගත කර තිබේ.

@දිනමිණ


Discover more from cmn.lk

Subscribe to get the latest posts sent to your email.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *