ඉන්ධන බෙදාහැරීම සීමා කළහොත් නීතිමය ක්‍රියාමාර්ග ගන්නවා – අනුර කරුණාතිලක
පෞද්ගලික ඉන්ධන සැපයුම් සමාගම් විසින් ඉන්ධනහල් වෙත ඉන්ධන බෙදාහැරීම තවදුරටත් සීමා කරන්නේ නම්, ඛනිජතෙල් පනත සහ බලශක්ති අමාත්‍යාංශයට පවතින බලතල අනුව ඉදිරි ක්‍රියාමාර්ග ගැනීම සඳහා නීති උපදෙස් ලබාගන්නා බව බලශක්ති අමාත්‍ය අනුර කරුණාතිලක මහතා අද (07) පාර්ලිමේන්තුවේදී ප්‍රකාශ කළේය.
ඉන්ධන බෙදාහැරීමේ ක්‍රියාවලිය සම්බන්ධයෙන් පෞද්ගලික සැපයුම්කරුවන් විසින් ගනු ලබන තීරණ හේතුවෙන් ජනතාවට සිදුවිය හැකි බලපෑම් පිළිබඳවද රජයේ අවධානය යොමුව ඇති බවද අමාත්‍යවරයා මෙහිදී සඳහන් කළේය.
එවැනි තත්ත්වයක් තවදුරටත් පැවතුණහොත්, පවතින නීතිමය ප්‍රතිපාදන සහ අමාත්‍යාංශයට පැවරී ඇති බලතල යටතේ ගත හැකි ක්‍රියාමාර්ග සම්බන්ධයෙන් නීති උපදෙස් ලබාගෙන කටයුතු කරන බවද අමාත්‍යවරයා මෙහිදී වැඩිදුරටත් පැවසීය.
@දිනමිණ
Discover more from cmn.lk
Subscribe to get the latest posts sent to your email.

