Latestවිදේශීය

ඔස්ට්‍රේලියාවෙන් ඩෙංගු එන්නතක්

ඩෙංගු උණ සඳහාවන එන්නතක් පළමු වරට ඔස්ට්‍රේලියාවේදී ලබා ගත හැකි වී තිබේ.

ඔස්ට්‍රේලියාවේ ප්‍රතිශක්තිකරණ උපදේශක කමිටුවේ (ATAGI) නව මාර්ගෝපදේශ අනුව ‘Qdenga’ වශයෙන් හඳුන්වන මෙම එන්නත ඇණවුම් කිරීමට එරට වෛද්‍යවරුන්ට මේවන විට පහසුකම් සපයා ඇතැයි විදෙස් මාධ්‍ය වාර්තා කරයි.

මීට පෙර ඩෙංගු වැළඳී ඇති සහ විදේශ සංචාරවල නිරත වන පුද්ගලයින්ට මෙම එන්නත ලබා ගන්නා ලෙස උපදේශක කමිටුව දැඩි ලෙස අවධාරණය කර ඇති අතර මීට පෙර ඩෙංගු වැළඳී නොමැති වුවද අවුරුදු හතරට වැඩි පුද්ගලයින් ඩෙංගු අවදානම් සහිත රටවල කෙටි කාලීන සංචාර නිරත වන්නේ නම්, වෛද්‍ය උපදෙස් මත මෙම එන්නත ලබා ගැනීම කෙරෙහි අවධානය යොමු කළ හැකි බව ද අඳාළ මාර්ගෝපදේශවල සඳහන් බව වාර්තා වේ.

Qdenga මිලි ලීටර් 0.5 එන්නත් කළ මාත්‍රා දෙකකින් ලබා දෙන අතර, අවම වශයෙන් සති 12 ක පරතරයකින් පරිපාලනය කෙරෙන බව සඳහන්ය.

ඔස්ට්‍රේලියාවේ ප්‍රතිශක්තිකරණ උපදේශක කමිටුව සඳහන් කරන්නේ, ආරක්ෂාවේ මට්ටම සහ කාලසීමාව උපරිම කිරීම සඳහා මාත්‍රා දෙකම අත්‍යවශ්‍ය බවය.

ඩෙංගු වෛරසය ගෝලීය වශයෙන් වේගයෙන්ම වර්ධනය වන බෝවන රෝගය වන අතර, වාර්ෂිකව රෝග ලක්ෂණ මිලියන 100 ක් පමණ වාර්තා වන බව සඳහන්ය..

එමෙන්ම ඔස්ට්‍රේලියාවේ වාර්තාවන ඩෙංගු රෝගීන්ගෙන් බහුතරයක් ඉන්දුනීසියාව, තායිලන්තය, ඉන්දියාව, වියට්නාමය සහ ෆීජි වැනි ඩෙංගු අවදානම අධික රටවල සංචාරය කර පැමිණි අය වේ.

@දිනමිණ 


Discover more from cmn.lk

Subscribe to get the latest posts sent to your email.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *