තනිවම ප්‍රහාරක ජෙට් යානයක් පැදවූ 48 හැවිරිදි තායිලන්ත රැජින
තායිලන්තයේ සුතිදා රැජින (Queen Suthida) ඔක්තෝබර් 08 වැනිදා ස්වීඩනයේ නිෂ්පාදිත JAS 39C Gripen ප්‍රහාරක ජෙට් යානයක් තනිවම පියාසර කරමින් ඉතිහාසයට එක්වූවාය.
ඒ අනුව තායිලන්තයේ රැජින, ප්‍රහාරක ජෙට් යානයක් තනිවම පියාසර කළ පළමු රාජ්‍ය පාලක කාන්තා රැජින බවට පත්ව තිබේ.
Surat Thani ගුවන් හමුදා කඳවුරේදී සිදුකළ මෙම පියාසැරිය නිරීක්ෂණය කිරීමට මහා වජිරලොන්ග්කෝර්න් (Maha Vajiralongkorn) රජු ද එක්ව සිටියේය.
සිවිල් හා මිලිටරි ගුවන් යානා පියාසර කිරීමේ පැය 1,188කට අධික පළපුරුද්දක් ඇති ඇය, සාර්ථක පියාසැරියෙන් අනතුරුව විශේෂ රන් නිල ලාංඡනයකින් ද පිදුම් ලැබුවාය.
2019 වසරේදී තායිලන්තයේ මහා වජිරලොන්ග්කෝර්න් රජු සමඟ විවාහ වූ හිටපු ගුවන් සේවිකාවක වන ඇය, ගුවන්ගත වීමට පෙර සිය හිස් ආවරණය (හෙල්මට් එක) පැළඳ ආචාර කරන අයුරු තායි රාජකීය මන්දිරය විසින් බෙදාගත් දර්ශනවල දැක්විණි.
ගුවන් තොටුපළේ ධාවන පථයේදී ඇයව පිළිගත් ඇයගේ 74 හැවිරිදි මහා වජිරලොන්ග්කෝර්න් රජු (සැමියා) ඇයට මල් පිරිනමා, ඇයගේ ඇඳුමේ ‘Gripen Order Golden Patch’ ලාංඡනය සවිකළ අතර, ඉන් අනතුරුව ඇය සාම්ප්‍රදායික ගෞරව දැක්වීමේ ඉරියව්වක් ලෙස ඔහු අසල බිම දණින් වැටී ආචාර කළාය.
48 හැවිරිදි වියේ පසුවන රැජින 2010 වසරේදී ගුවන් නියමුවරියක ලෙස සුදුසුකම් ලැබූ අතර, එතැන් පටන් විවිධ වර්ගයේ ගුවන් යානා මගින් පැය 1,000කට අධික කාලයක් පියාසර කර ඇත. ඊට අමතරව ඇය හමුදා පුහුණුව ලබා ඇති අතර රජු සමඟ රාජකීය ගුවන් යානාවල සහාය නියමුවරියක ලෙසද කටයුතු කර තිබේ.
@දිනමිණ
Discover more from cmn.lk
Subscribe to get the latest posts sent to your email.

