මරණ දණ්ඩනයෙන් බේරුණු ක්‍රිස්ටා පයික් රෝහලෙන් යළි බන්ධනාගාරයට
අමෙරිකාවේ ටෙනිසි ප්‍රාන්තයේදී මාරාන්තික එන්නත් ලබා දී මරණ දණ්ඩනය ක්‍රියාත්මක කිරීමට උත්සාහ කළද, ඉන් මිය නොගිය ක්‍රිස්ටා පයික් නමැත්තිය ප්‍රතිකාර ලැබූ රෝහලෙන් පිටව ගොස් තිබේ.
අසාර්ථක වූ එම උත්සාහයෙන් පසු ඇය දින 10කට ආසන්න කාලයක් රෝහල්ගතව ප්‍රතිකාර ලැබීය.
ඇගේ නීතිඥයන් නිකුත් කළ නිවේදනයක දැක්වෙන්නේ, 50 හැවිරිදි වියේ පසුවන ඇය මේ වනවිට පසුගිය වසර 30 පුරා සිරගතව සිටි බන්ධනාගාරය වෙතම යළි යවා ඇති බවය.
කොලින් ස්ලෙමර් නම් 19 හැවිරිදි තරුණියකට පහර දී වධ හිංසා පමුණුවා ඝාතනය කිරීමේ වරදට 1995 වසරේදී මරණ දණ්ඩනය නියම වූ ක්‍රිස්ටා පයික්ගේ දඬුවම පසුගිය සැප්තැම්බර් 30 වැනිදා ක්‍රියාත්මක කිරීමට නියමිතව තිබුණි.
ඒ සඳහා ‘Pentobarbital’ නම් මාරාන්තික ඖෂධය අවස්ථා දෙකකදී එන්නත් කළද, ඉන් ඇය දැඩි ලෙස අසාධ්‍ය තත්ත්වයට පත්වීම හැර මියනොගියේය.
වසර 200කට පසු ටෙනිසි ප්‍රාන්තය තුළ කාන්තාවකට මරණ දණ්ඩනය ක්‍රියාත්මක කිරීමට ගත් ප්‍රථම අවස්ථාව මෙය වන අතර, මාරාන්තික එන්නත් කිරීමකින් ජීවිතය බේරාගත් එකම තැනැත්තිය ලෙසද ඇය සැලකේ.
මෙම අසාර්ථක වීම සම්බන්ධයෙන් මෙතෙක් නිශ්චිත හේතුවක් දක්වා නොමැත.
පසුගිය බදාදා පැවති අධිකරණ හමුවකදී, ප්‍රාන්තයට ඇයව යළි මරණ දණ්ඩනයට ලක් කිරීමට අදහසක් ඇත්දැයි නොදන්නා බව ටෙනිසි සහකාර නීතිපති විල් අයර්ස් ප්‍රකාශ කළේය.
අපරාධය සිදුවන අවස්ථාවේ පයික් සහ ඇයගේ එවකට පෙම්වතා වූ ටැඩරිල් ෂිප් යන දෙදෙනාම 18 හැවිරිදි වියේ පසුවූහ.
කෙසේ වෙතත්, ෂිප් නීත්‍යානුකූලව වැඩිහිටියෙකු නොවීම හේතුවෙන් ඔහුට මරණ දඬුවම හිමි නොවීය.
මේ අතර, ක්‍රිස්ටා පයික්ට මාරාන්තික එන්නත ලබා දීමට ගත් අසාර්ථක උත්සාහයෙන් පසු, 2000 වසරේදී කාන්තාවක් වෙඩිතබා ඝාතනය කිරීමේ වරදට මරණ දඬුවම නියම වූ ටෙක්සාස්හි පුද්ගලයෙකුට ද එම එන්නතම යොදා ගනිමින් මරණීය දණ්ඩනය ක්‍රියාත්මක කර තිබේ.
@sinhala.adaderana.lk
Discover more from cmn.lk
Subscribe to get the latest posts sent to your email.

