Latestදේශීය

චාමර සම්පත් අද අල්ලස් කොමිසමට

රුපි­යල් ලක්ෂ 81ක මුද­ලක් අල්ලස් ලෙස ලබා­ගැ­නීමේ සිද්ධි­යක් සම්බ­න්ධ­යෙන් කෙරෙන විම­ර්ශ­න­ය­කට අදා­ළව, හිටපු අමාත්‍ය පාර්ලි­මේන්තු මන්ත්‍රී චාමර සම්පත් දස­නා­යක මහතා අල්ලස් හෝ දූෂණ චෝදනා විම­ර්ශන කොමි­සම හමුවේ අද (12) පෙනී සිටී­මට නිය­මි­තය.

මෙම සිද්ධි­යට අදා­ළව ප්‍රකා­ශ­යක් ලබා­ගැ­නී­මට මන්ත්‍රී­ව­ර­යාට පසු­ගිය 09 වැනිදා අල්ලස් හෝ දූෂණ චෝදනා විම­ර්ශන කොමි­සම හමුවේ පෙනී සිටින ලෙස දැනු­ම්දී­මක් කර තිබුණි. එදින අල්ලස් කොමි­සම හමුවේ ඔහු පෙනී නොසිටි අතර ඒ වෙනු­වට අද (12) දින ඔහු අල්ලස් කොමි­සම හමුවේ පෙනී සිටින බව දැනුම්දී ඇති බව සඳ­හන්ය.

චාමර සම්පත් දස­නා­යක මහතා 2022 වසරේ සැප්තැ­ම්බර් 08 සිට 2024 වසරේ සැප්තැ­ම්බර් 23 දක්වා ප්‍රාථ­මික කර්මාන්ත රාජ්‍ය අමා­ත්‍ය­ව­ර­යාව සිටි­යදී, සමා­ගම් තුන­කට පොස්පේට් ආන­ය­නය කිරී­මට නිසි ක්‍රම­වේ­ද­ය­කින් තොරව බල­පත්‍ර ලබා­දී­මට එව­කට ඔහුගේ හිටපු පෞද්ග­ලික ලේක­ම්ව­රයා විසින් රුපි­යල් ලක්ෂ 81ක මුද­ලක් අල්ලස් ලෙස ලබා ගත්තේ­යැයි කියන සිද්ධි­යට අදාළ විම­ර්ශන කට­යුතු සඳහා මෙම කැඳ­වීම අල්ලස් කොමි­සම විසින් කර තිබේ.

මේ සම්බ­න්ධ­යෙන් ඔහුගේ පෞද්ග­ලික ලේකම් ලෙස කට­යුතු කළ සුම­ති­පාල ලිය­නා­රච්චි නමැති අය ද අල්ලස් කොමි­ෂන් සභාව විසින් පසු­ගිය සැප්තැ­ම්බර් 22 වැනි දා හෝ ඊට ආසන්න දින­කදී අත්අ­ඩං­ගු­වට ගෙන තිබුණි. ඔහු මේ වන විට රක්ෂිත බන්ධ­නා­ගා­ර­ග­තව සිටින අතර, තවත් සැක­ක­රු­වන් කිහිප දෙනකු අත්අ­ඩං­ගු­වට ගැනී­මට නිය­මිත බව සඳ­හන්ය.

@දිනමිණ


Discover more from cmn.lk

Subscribe to get the latest posts sent to your email.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *