මහින්ද අධික රුධිර පීඩනයක – රෝහල්ගත කරයි
හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂ මහතා අධික රුධිර පීඩන තත්ත්වයක් හේතුවෙන් කොළඹ පෞද්ගලික රෝහලකට ඊයේ (12) ඇතුළත් කර තිබේ. හිටපු ජනාධිපතිවරයා සාමාන්‍ය තත්ත්වයන් යටතේ වෛද්‍ය ප්‍රතිකාර සහ පරීක්ෂණ සඳහා රෝහල් ගතකළ බවත් වෛද්‍ය ප්රතිකාරවලින් පසුව සුවෙන් පසුවන බවත් ඔහුට සමීප ආරංචිමාර්ග සඳහන් කරයි.
මහින්ද රාජපක්ෂ මහතා මේ වන විට ශාරීරිකව මෙන්ම මානසිකව සුවයෙන් යුතුව පසුවන බවත් හිටපු ජනාධිපතිවරයාගේ මාධ්‍ය ප්‍රකාශක නීතිඥ මනෝජ් ගමගේ මහතා පැවසීය.
මේ අතර අද (13) යෝෂිත රාජපක්ෂ, නාමල් රාජපක්ෂ සහ ශිරන්ති රාජපක්ෂට පවරා ඇති නඩු විභායගට ගැනීමට නියමිතයි.
කෙසේ වෙතත් මනෝජ් ගමගේ මහතා පවසන්නේ මහින්ද රාජපක්ෂ මහතා අසාධ්‍ය තත්ත්වයෙන් පසුවන බවට ප්‍රචාරය වන ප්රවෘත්ති අසත්‍ය බවත් වයස සැලකිල්ලට ගෙන වෛද්‍ය පරීක්ෂණ සඳහා රාජපක්ෂ මහතා රෝහල්ගත කර ඇති බවත් ය.
Discover more from cmn.lk
Subscribe to get the latest posts sent to your email.

