ප්‍රධානම මුඛ පිළිකා කාරකය පුවක්
විවිධ රසකාරක යෙදූ පුවක් ආශ්‍රිත නිෂ්පාදන ආහාරයට ගැනීමෙන් පාසල් සිසුන් හා තරුණ ප්‍රජාව මුඛ පිළිකාවට හා පූර්ව මුඛ පිළිකා අවස්ථාවට ගොදුරුවීමේ ප්‍රවණතාව ඉහළයමින් පවතින බව පේරාදෙණිය විශ්ව විද්‍යාලයේ දන්ත වෛද්‍ය පීඨයේ පිඨාධිපති මහාචාර්ය ශ්‍යාම් බන්නැහැක මහතා පවසා තිබේ.
ඔහු පවසන්නේ මේ වන විට මුඛය හා ඒ ආශ්‍රිත පිළිකාවලින් දෛනිකව මෙරට පුද්ගලයින් තිදෙනෙකු මරණයට පත්වන බවයි.
“බුලත්විටේ අඩංගු සංඝටකවලින් ප්‍රධානම පිළිකා කාරකය හැටියට හඳුනගෙන තියෙන්නේ පුවක්. ගොඩක් දෙනෙක් හිතන්නේ නෑ. ඒත් එක්කම දුංකොළ. පුවක් සහ දුංකොළ මේ දෙකේ එකතු වුණාම හැදෙන සංයෝගය තමයි ඉතාමත්ම බරපතළ වෙන්නේ. පුවක් තමයි ඇත්තටම ප්‍රධාන වෙන්නේ. මෙතනදි බරපතළ ප්‍රශ්නයක් වෙලා තියෙන්නේ අද වන විට විවිධ රස කරපු පුවක් නිෂ්පාදන ඒ ආශ්‍රිත නිෂ්පාදන මෙරට ජනප්‍රිය වෙලා තියෙනවා. ඒ හරහා මේ වැඩිහිටි පරම්පරාව විතරක් නෙමෙයි පාසල් සිසුන් සහ තරණ පරම්පරාවත් මේ පුවක් ආශ්‍රිත නිෂ්පාදන භාවිතය හරහා මුඛ පිළිකාවට සහ පූර්ව මුඛ පිළිකා අවස්ථාවන්ට ගොඳුරු වෙන බව අපි පර්යේෂණාත්මකව සහ අපිට එන රෝගීන් හඳුනාගැනීම තුළින් ඔප්පු වෙලා තියෙනවා. ඒ නිසා තමයි මේක බරපතළ ප්‍රශ්නයක් වෙලා තියෙන්නේ. පාසල් ආශ්‍රිතව මේ පුවක් සහ ඒ ආශ්‍රිත නිෂ්පාදන වෙළෙඳසැල් දකින්නට ලැබෙනවා. මේවා පොඩි ගණන්වලට කවුරුත් හිතන්නේ නෑ මේකෙ එන හානිය පිළිබඳව. ඒ හරහා පූර්ව මුඛ පිළිකා අවස්ථාවන්ට ගොඳුරුවුණු පාසල් දරුවෝ විශාල පිරිසක් අපිට හඳුනාගන්නට හම්බෙලා තියෙනවා.”
පේරාදෙණිය විශ්ව විද්‍යාලයේ මුඛ වෛද්‍ය විද්‍යා අංශයේ ජ්‍යෙෂ්ඨ මහාචාර්ය රුවන් ජයසිංහ මහතා ද ඒ සම්බන්ධයෙන් මෙලෙස අදහස් පළ කළේය.
“මේ මෑතක ඉදලා අවුරුදු කීපයක ඉදලා වසංගයක් විදියට පුවක් දුංකොළ වෙනත් ආකාරයේ පැකට් විදියට සමහර වෙලාවට දුංකොළ විතරක් සමහර වෙලාවට පුවක් විතරක් සමහර වෙලාවට මේ දෙකේම මිශ්‍රණයක් විදියට බහුල වශයෙන් සමාජයේ පැතිරීමක් අපි දකිනවා. මේ පොඩි පැකට් ප්‍රධාන වශයෙන් භාවිතා කරන්නේ අපේ තරුණ පරම්පරාව විශේෂයෙන්ම පාසල් සිසුන්. මේ නව පුරුදුත් එක්ක අපිට භයානක පෙර නිමිති පහළ වෙලා තියෙනවා මුඛ පිළිකාව තරුණ පරම්පරාව අතර ඇති වේවි කියලා. මම දැකපු මුඛ පිළිකාවක් එක්ක තරුණම තැනැත්තා අවුරුදු 17යි. මේ තත්ත්වය අනාගතයේදී තව අවුරුදු කීපයකින් අපේ සමාජයේ තරුණ පරම්පරාව අතර, පාසල් සිසුන් අතර මුඛ පිළිකාව ඇතිවෙන්න ඉඩ තියෙනවා.”
@sinhala.adaderana.lk
Discover more from cmn.lk
Subscribe to get the latest posts sent to your email.

