අනෝජන් සිවරාසාට පනවා තිබූ මරණ දඬුවම අත්හිටුවයි
සෞදි අරාබියේදී මරණ දඬුවම නියම වී සිටි අනෝජන් සිවරාසා ශ්රී ලාංකික තරුණයාට සෞදි අරාබියේ මහේස්ත්රාත් අධිකරණය විසින් මීට පෙර පනවන ලද මරණ දඬුවම එරට ශ්රේෂ්ඨාධිකරණය විසින් අත්හිටුවා ඇති බව නියෝජ්ය විදේශ කටයුතු අමාත්ය අරුන් හේමචන්ද්ර මහතා සඳහන් කරයි.
සිය සමාජ මාධ්ය ඔස්සේ ප්රකාශයක් නිකුත් කරමින් නියෝජ්ය අමාත්යවරයා සඳහන් කළේ, සෞදි ශ්රේෂ්ඨාධිකරණය විසින් මෙම මරණ දඬුවම් නියෝගය අත්හිටුවන ලද්දේ 2026 ඔක්තෝබර් 13 වන දින බවයි.
මෙය සිවරසා මහතාට සහ ඔහුගේ පවුලේ අයට ලැබුණු විශාල සහනයක් ලෙස හැඳින්වූ නියෝජ්ය අමාත්යවරයා, ශ්රී ලංකා රජය විසින් ගෙන යන ලද අඛණ්ඩ රාජ්ය තාන්ත්රික හා නීතිමය උත්සාහයන්හි ප්රතිඵලයක් ලෙස මෙම ජයග්රහණය අත්වූ බව පැවසීය.
මේ සම්බන්ධයෙන් සහයෝගය දැක්වීම පිළිබඳව සෞදි අරාබි රජයට සිය කෘතඥතාව පළ කළ අමාත්යවරයා, සෞදියේ ශ්රී ලංකා තානාපතිවරයාට, විදේශ කටයුතු අමාත්යාංශයේ ලේකම්වරයාට සහ නිලධාරීන්ට, ශ්රී ලංකා විදේශ සේවා නියුක්ති කාර්යාංශයේ සභාපතිවරයාට සහ සාමාජිකයින්ට මෙන්ම ශ්රී ලංකා සහ සෞදි නීතිඥ කණ්ඩායම්වලට ද සිය ස්තූතිය පුද කර ඇත.
@දිනමිණ
Discover more from cmn.lk
Subscribe to get the latest posts sent to your email.

