යුරෝපා සංගමයේ සහය
ශ්රී ලංකාවේ වරාය සංවර්ධන ව්යාපෘති සඳහා යුරෝපා සංගමයේ ග්ලෝබල් ගේට්වේ (Global Gateway) වැඩසටහන යටතේ සහාය ලබා ගැනීම සහ පුනර්ජනනීය බලශක්ති ක්ෂේත්රයේ සහයෝගීතාව වර්ධනය කිරීම පිළිබඳ සාකච්ඡාවක් වරාය, සිවිල් ගුවන්සේවා හා බලශක්ති අමාත්ය අනුර කරුණාතිලක මහතා සහ යුරෝපා සංගම් නියෝජිත පිරිස අතර පසුගියදා පැවැත්විණි.
අමාත්යාංශ පරිශ්රයේදී පැවති මෙම සාකච්ඡාවේදී ශ්රී ලංකාවේ පුනර්ජනනීය බලශක්ති උත්පාදනය හා බලශක්ති ගබඩා තාක්ෂණය සම්බන්ධයෙන් රජය ගෙන යන වැඩපිළිවෙළ පිළිබඳව යුරෝපා සංගම් නියෝජිතයින් සිය ප්රසාදය පළ කර ඇත.
එසේම බලශක්ති උත්පාදනයේ හරිත පරිවර්තනයට සහාය විය හැකි ක්රමවේද පිළිබඳව එම නියෝජිත පිරිස අදහස් දක්වා ඇති අතර කොළඹ වරායේ සමස්ත සැපයුම් හා ප්රවාහන ධාරිතාව ඉහළ නැංවීම සඳහා බහාලුම් පර්යන්ත සංවර්ධනය කිරීම පිළිබඳව ද දෙපාර්ශ්වය අදහස් හුවමාරු කර ගෙන තිබේ.
එම සාකච්ඡාවේදී අමාත්යවරයා පුනර්ජනනීය බලශක්ති ක්ෂේත්රයේ රජය ක්රියාත්මක කරන ව්යාපෘති පිළිබඳව නියෝජිත පිරිස දැනුවත් කර ඇත.තවද ත්රිකුණාමලය වරාය ආශ්රිතව හරිත බලශක්ති කේන්ද්රස්ථානයක් ස්ථාපිත කිරීමේ යෝජනා ද සාකච්ඡාවට ලක් වූ අතර, ඒ සඳහා ශක්යතා අධ්යයනයක් සිදු කිරීමේ අවශ්යතාව අමාත්යවරයා පෙන්වා දී ඇත.
මෙම සාකච්ඡාවට නියෝජ්ය අමාත්ය ජනිත රුවන් කොඩිතුවක්කු මහතා සහ අමාත්යාංශ ලේකම් ඩබ්.ඩබ්.එස්. මංගල මහතා ද එක්ව සිටි අතර යුරෝපා සංගම් නියෝජිත පිරිසට ආසියානු පැසිෆික් කලාපීය අධ්යක්ෂ පීටර්ස් උස්ටබස් (Mr. Peteris Ustubs) මහතා නායකත්වය ලබා දී තිබේ.
Discover more from cmn.lk
Subscribe to get the latest posts sent to your email.

