Latestවිදේශීය

තරුණියකට අතවර කළ රොබෝවක් පොලිස් භාරයට

16 හැවි­රිදි තරු­ණි­ය­කට අත­වර කිරීමට මානව රූපී රොබෝ­වක් භාවිත කළ තරු­ණ­යන් දෙදෙ­න­කුට එරෙ­හිව ජර්මානු පොලී­සිය පරී­ක්ෂ­ණ­යක් ආරම්භ කර ඇතැයි විදෙස් මාධ්‍ය වාර්තා කරයි. තරු­ණ­යන් දෙදෙනා විසින් පාල­නය කරනු ලැබූ මේ රොබෝ යන්ත්‍රය ජර්ම­නියේ ක්ලෝන් නග­රයේ ජනා­කීර්ණ වීදි­යක අව­න්හ­ලක් ඉදි­රි­පිට සිටි එම තරු­ණිය වෙත ගොස් ඇගේ පසු­පස පෙදෙස ග්‍රහ­ණය කර ගැනී­මත්, ඇය කැග­ස­මින් ඉව­තට දිව යන ආකා­ර­යත් දැක්වෙන වීඩියෝපට සමාජ මාධ්‍ය ඔස්සේ සංස­ර­ණය වීමෙන් පසු පරි­ක්ෂණ කට­යුතු ආරම්භ කර ඇති අතර, එම සිදු­වී­මට සැක පිට අවු­රුදු 16 සහ 19 වයස් කාණ්ඩයේ පසු­වන තරු­ණ­යන් දෙදෙනා අත්අ­ඩං­ගු­වට ගත් බව පොලී­සිය නිවේ­ද­නය කර තිබේ.

එම තරු­ණ­යන්ගේ මෝටර් රථයේ පසු­පස අසුනේ සඟවා තිබූ අඩි 3කුත්, අඟල් 9ක් උසැති එම මානව රූපී රොබෝව ද පොලිස් භාර­යට ගෙන ඇතැයි විදෙස් මාධ්‍ය වැඩි­දු­ර­ටත් වාර්තා කරයි.

රොබෝ යන්ත්‍ර­ය­කට එවැනි ක්‍රියා­වක් ස්වයං­ක්‍රි­යව සිදු කිරී­මට නොහැකි වුවද, යම්කිසි පුද්ග­ල­ය­කුට අදාළ රොබෝ යන්ත්‍රයේ දුරස්ථ පාල­ක­යක්, පරි­ග­ණ­ක­යක් හෝ ජංගම දුර­ක­ත­න­යක් මඟින් පාල­නය කර­මින් එවැනි අත­ව­ර­යක් සිදු කිරීමට හැකි­යාව ඇතැයි විදෙස් මාධ්‍ය සඳ­හන් කරයි.

@දිනමිණ


Discover more from cmn.lk

Subscribe to get the latest posts sent to your email.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *