Latestදේශීය

ආරුගම්බේ ලොව ඉදිරියටම

ශ්‍රී ලංකාවේ සංචා­රක ආක­ර්ෂ­ණය ජාත්‍ය­න්ත­ර­යට රැගෙන යමින් ආසි­යාවේ ආක­ර්ෂ­ණී­යම සහ හොඳම වෙරළ තීරය බවට ආරු­ගම්බේ වෙරළ තීරය පත්ව තිබේ. 2026 වර්ෂය සඳහා ‘කොන්ඩේ­නාස්ට් ට්‍රැව­ලර් රීඩර්ස්’ (Condé Nast Traveller Readers) වෙබ් අඩ­විය විසින් ප්‍රකා­ශ­යට පත්ක­රන ලද නව­තම සමී­ක්ෂණ වාර්තා­වට අනුව ආරු­ගම්බේ වෙරළ තීරය පෙර­මුණ ගෙන ඇති අතර ඊට අම­ත­රව ශ්‍රී ලංකාවේ වෙරළ තීර තුනක් හොඳම වෙරළ තීර 20 අත­රට පැමිණ ඇත.

සර්ෆින් ක්‍රීඩාව සඳහා ලොව ප්‍රසි­ද්ධම ගම­නා­න්ත­යක් වීම, ආරු­ගම්බේ වෙරළ තීරය ආක­ර්ෂ­ණී­යම වෙරළ තීරය ලෙස ප්‍රකා­ශ­යට පත් කිරී­මට ප්‍රධාන හේතුව වී ඇති බව එම වාර්තා පෙන්වා දෙයි.

Condé Nast Traveller Readers’ Choice Awardsහි 2026 වසර සඳහා වූ ආසි­යාවේ හොඳම මුහුදු වෙරළ 20 අත­රට ශ්‍රී ලංකාවේ මුහුදු වෙරළ තීර හත­රක් ඇතු­ළත් වී තිබීම විශේ­ෂ­ත්ව­යක් වන අතර එහිදී ආරු­ගම්බේ වෙරළ තීරය සමස්ත ලැයි­ස්තුවේ පළමු ස්ථානය සඳහා තේරී පත්ව තිබෙන්නේ ප්‍රසාද ලකුණු 98.84ක් ලබා ගනි­මිනි.

මීට අම­ත­රව, ප්‍රසාද ලකුණු 88.33ක් ලබා­ගත් බෙන්තොට වෙරළ තීරය 9 වැනි ස්ථානය හිමි කර­ගෙන ඇති අතර, ප්‍රසාද ලකුණු 83.33ක් ලබා ගනි­මින් තංගල්ල වෙරළ තීරය 14 වැනි ස්ථාන­ය­ටත්, ප්‍රසාද ලකුණු 78.92ක් ලබා ගනි­මින් මීග­මුව වෙරළ තීරය 19 වැනි ස්ථාන­ය­ටත් තේරී පත්වී ඇත. මෙම ශ්‍රේණි­ගත කිරී­ම්වල දෙවැනි ස්ථානය ප්‍රසාද ලකුණු 94.44ක් ලබා ගනි­මින් තායි­ල­න්තයේ ‘රේලේ වෙරළ’ (Railay Beach) හිමි කර­ගෙන ඇති අතර, ප්‍රසාද ලකුණු 93.33ක් ලබා ගනි­මින් මැලේ­සි­යාවේ පැංකෝර් දූපතේ පිහිටි ‘කොරල් වෙරළ’ (Coral Beach) තෙවැනි ස්ථානය දිනා­ගෙන ඇත.
@දිනමිණ 


Discover more from cmn.lk

Subscribe to get the latest posts sent to your email.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *