Latestවිදේශීය

පකිස්ථානයේ ඉම්රාන් නිදහස් කරගැනීමේ සටන නව මාවතකට

සිර­ගත කර සිටින පාකි­ස්තා­නයේ හිටපු අග­මැති ඉම්රාන් ඛාන් නිද­හස් කරන ලෙස ඉල්ලා ඔහුගේ ටෙහෙ­රීකි ඉන්සාෆ් පක්ෂය යටතේ පව­තින කයි­බර් පක්ටුන්ක්වා ප්‍රාන්තයේ මහ ඇමැ­ති­ව­රයා විසින් ආරම්භ කළ විරෝ­ධතා පා ගමන අව­හිර කර­මින් එරට රජය පිය­වර ගෙන ඇත්තේ ආණ්ඩු­ක්‍රම ව්‍යව­ස්ථාව භාවිත කර­මින් බව විදෙස් මාධ්‍ය වාර්තා කරයි.

පාකි­ස්තාන පාර්ලි­මේ­න්තුවේ ද ප්‍රධාන විප­ක්ෂය වන ටෙහෙ­රීකි ඉන්සාෆ් පක්ෂයේ ප්‍රාන්ත බලය අහිමි කිරීම සඳහා රජය හදිසි නීතිය ද පනවා ඇති බවත්, ප්‍රාන්ත බලය අහිමි කර ඇත්තේ ත්‍රස්ත­වා­ද­යට එරෙ­හිව පිය­වර ගැනී­මට පළාත් රජය අස­මත් වූ බවට ප්‍රකාශ කර­මින් බවත් විදෙස් මාධ්‍ය වැඩි­දු­ර­ටත් වාර්තා කරයි.

ඉම්රාන් ඛාන්ගේ ප්‍රධා­න­තම දේශ­පා­ලන බල­කො­ටුව වන කයි­බර් පක්ටුන්ක්වා ප්‍රාන්තයේ බලය ආණ්ඩු­කා­ර­ව­රයා යට­තට පත් කර ඇතැයි ද, මේ වන විට හිටපු අග­මැ­ති­ව­ර­යාගේ සෞඛ්‍ය තත්ත්වය පිරි­හෙ­මින් පව­තින බව ඉම්රාන්ගේ පවුලේ සාමා­ජි­ක­යන් සඳ­හන් කර ඇතැයි ද රොයි­ටර් පුවත් සේවය වාර්තා කළේය.

ත්‍රස්ත­වා­දය මර්ද­නය කිරී­මට අස­මත්වූ බව කිය­මින් පාකි­ස්තාන රජය ප්‍රාන්ත පාල­නය අත්හි­ටු­වී­මට පිය­වර ගනු ලැබු­වද, ප්‍රාන්ත බලය අත්පත් කර­ගැ­නී­මට සහ විරෝ­ධතා පා ගමන වැළැ­ක්වී­මට පාකි­ස්තාන රජය එම පිය­වර ගත් බවට ටෙහෙ­රීකි ඉන්සාෆ් පක්ෂය චෝදනා කර ඇතැයි රොයි­ටර් පුවත් සේවය සඳ­හන් කළේය.

@දිනමිණ


Discover more from cmn.lk

Subscribe to get the latest posts sent to your email.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *