ශිරන්ති ඇතුළු තිදෙනෙකුට එරෙහිව විමර්ශන ක්රියාත්මකයි
කොළඹ රිජ්වේ ආර්යා රෝහලට රුපියල් මිලියන 10ක් වටිනා සීටී ස්කෑන් යන්ත්රයක් මිල දී ගන්නා බව පවසමින් කරන ලද මූල්ය අක්රමිකතාවක් සම්බන්ධයෙන් හිටපු ජනාධිපති ආර්යා ශිරන්ති රාජපක්ෂ මහත්මිය ඇතුළු තිදෙනකුට එරෙහිව විමර්ශනයක් ආරම්භ කර ඇති බව මූල්ය අපරාධ විමර්ශන කොට්ඨාසය කොටුව මහේස්ත්රාත් පසන් අමරසේන මහතා හමුවේ මෝසමක් ගොනු කරමින් පෙරේදා (14) දන්වා සිටියේය.
හිටපු ජනාධිපති ආර්යා ශිරන්ති රාජපක්ෂ මහත්මිය, ඩී.එස්.කේ.එස්. කුමාරි, කේ.එච්. නිරෝෂා යන අයට එරෙහිව පොදු දේපළ පනත යටතේ චෝදනා ගොනු කර ඇති බව මූල්ය අපරාධ විමර්ශන කොට්ඨාසය වැඩිදුර කරුණු දක්වමින් කියා සිටියේය.
විමර්ශන අවසන් කර අධිකරණයට වාර්තා කරන ලෙස නියෝග කළ මහේස්ත්රාත්වරයා එතෙක් නඩුව බහා තබන ලෙස නියෝග කළේය.
කොළඹ රිජ්වේ ආර්යා ළමා රෝහලට CT Scanner යන්ත්රයක් ලබා ගැනීමට යැයි සඳහන් කරමින් හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂගේ බිරිය වන ශිරන්ති රාජපක්ෂ ප්රධානත්වය දරන ‘සිරිලිය සවිය’ ගිණුමට ජාතික ඉතිරිකිරීමේ බැංකුවෙන් පරිත්යාගයක් ලෙස රුපියල් කෝටියක මුදලක් බැර කරවාගෙන, එම මුදල් අවභාවිත කිරීම සම්බන්ධයෙන් අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවේ මූල්ය අපරාධ විමර්ශන කොට්ඨාසය පුළුල් විමර්ශනයක් ආරම්භ කර තිබුණි.
අල්ලස් හෝ දූෂණ චෝදනා විමර්ශන කොමිසමද ඊට අදාළව දූෂණය නමැති වරද සම්බන්ධයෙන් විමර්ශනයක් කර ශිරන්ති රාජපක්ෂ මහත්මිය අත්අඩංගුවට ගෙන අධිකරණයට ඉදිරිපත් කරනු ලැබීය. ඇය මේ වන විට සිටින්නේ රක්ෂිත බන්ධනාගාර භාරයේය.
@දිනමිණ
Discover more from cmn.lk
Subscribe to get the latest posts sent to your email.

