Latestදේශීය

ශිරන්ති ඇතුළු තිදෙනෙකුට එරෙහිව විමර්ශන ක්‍රියාත්මකයි

කොළඹ රිජ්වේ ආර්යා රෝහ­ලට රුපි­යල් මිලි­යන 10ක් වටිනා සීටී ස්කෑන් යන්ත්‍ර­යක් මිල දී ගන්නා බව පව­ස­මින් කරන ලද මූල්‍ය අක්‍ර­මි­ක­තා­වක් සම්බ­න්ධ­යෙන් හිටපු ජනා­ධි­පති ආර්යා ශිරන්ති රාජ­පක්ෂ මහ­ත්මිය ඇතුළු තිදෙ­න­කුට එරෙ­හිව විම­ර්ශ­න­යක් ආරම්භ කර ඇති බව මූල්‍ය අප­රාධ විම­ර්ශන කොට්ඨා­සය කොටුව මහේ­ස්ත්‍රාත් පසන් අම­ර­සේන මහතා හමුවේ මෝස­මක් ගොනු කර­මින් පෙරේදා (14) දන්වා සිටි­යේය.

හිටපු ජනා­ධි­පති ආර්යා ශිරන්ති රාජ­පක්ෂ මහ­ත්මිය, ඩී.එස්.කේ.එස්. කුමාරි, කේ.එච්. නිරෝෂා යන අයට එරෙ­හිව පොදු දේපළ පනත යටතේ චෝදනා ගොනු කර ඇති බව මූල්‍ය අප­රාධ විම­ර්ශන කොට්ඨා­සය වැඩි­දුර කරුණු දක්ව­මින් කියා සිටි­යේය.

විම­ර්ශන අව­සන් කර අධි­ක­ර­ණ­යට වාර්තා කරන ලෙස නියෝග කළ මහේ­ස්ත්‍රා­ත්ව­රයා එතෙක් නඩුව බහා තබන ලෙස නියෝග කළේය.

කොළඹ රිජ්වේ ආර්යා ළමා රෝහ­ලට CT Scanner යන්ත්‍ර­යක් ලබා ගැනී­මට යැයි සඳ­හන් කර­මින් හිටපු ජනා­ධි­පති මහින්ද රාජ‍ප­ක්ෂගේ බිරිය වන ශිරන්ති රාජ­පක්ෂ ප්‍රධා­න­ත්වය දරන ‘සිරි­ලිය සවිය’ ගිණු­මට ජාතික ඉති­රි­කි­රීමේ බැංකු­වෙන් පරි­ත්‍යා­ග­යක් ලෙස රුපි­යල් කෝටි­යක මුද­ලක් බැර කර­වා­ගෙන, එම මුදල් අව­භා­විත කිරීම සම්බ­න්ධ­යෙන් අප­රාධ පරී­ක්ෂණ දෙපා­ර්ත­මේ­න්තුවේ මූල්‍ය අප­රාධ විම­ර්ශන කොට්ඨා­සය පුළුල් විම­ර්ශ­න­යක් ආරම්භ කර තිබුණි.

අල්ලස් හෝ දූෂණ චෝදනා විම­ර්ශන කොමි­ස­මද ඊට අදා­ළව දූෂ­ණය නමැති වරද සම්බ­න්ධ­යෙන් විම­ර්ශ­න­යක් කර ශිරන්ති රාජ­පක්ෂ මහ­ත්මිය අත්අ­ඩං­ගු­වට ගෙන අධි­ක­ර­ණ­යට ඉදි­රි­පත් කරනු ලැබීය. ඇය මේ වන විට සිටින්‍නේ රක්ෂිත බන්ධ­නා­ගාර භාර­යේය.

@දිනමිණ


Discover more from cmn.lk

Subscribe to get the latest posts sent to your email.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *