ඉන්දියාවෙන් ලංකාවට අයිස් පැටවූ විජේගේ ගෝලයා අත්අඩංගුවට
ඉන්දියාවේ සිට මෙරටට මත්ද්රව්ය සැපයු තමිල්නාඩු දේශපාලන පක්ෂයක් වන Tamilaga Vettri Kazhagam (තමිල්ගා වෙට්රි කසාගම්) පක්ෂයේ ප්රබල ක්රියාකාරියෙකු ඇතුලු 04 දෙනෙකු එරට බුද්ධි අංශ මගින් අත්අඩංගුවට ගෙන තිබේ.
මෙටම්පෙටමින් හෙවත් `අයිස්’ නැමැති මත්ද්රව්ය කිලෝග්රෑම් 100ක්ද ඔවුන් සන්තකයේ තිබී සොයා ගෙන ඇත.
අත්අඩංගුවට ගත් පුද්ගලයා වන්නේ, දකුණු ඉන්දීය නළු ජෝසෆ් විජේගේ නායකත්වයෙන් යුත් TVK පක්ෂයේ තමිල්නාඩු ප්රාන්තයේ නාගපට්ටිනම් දිස්ත්රික්කයේ විධායක කමිටු සාමාජිකයෙකු වන 42 හැවිරිදි එන්. භූපාලන් නමැත්තාය.
නාගපතිනම් සිට ශ්රී ලංකාවට මත්ද්රව්ය ජාවාරම් කරන බවට ලැබුනු තොරතුරකට අනුව තමිල්නාඩුවේ නිවසක් පරීක්ෂාවට ලක්කර තිබේ. ඒ අනුවයි මත්ද්රව්ය තොගය හමු වී ඇත.
ප්රධාන සැකකරුගේ බිරිද ශ්රී ලාංකික කාන්තාවක් බවද අනාවරණය කරගෙන තිබේ.
ඔහු සමඟ තවත් සැකකරුවන් තිදෙනෙකුද අත්අඩංගුවට ගෙන ඇති බව වාර්තා වේ.
මෙම වැටලීම සිදුකර ඇත්තේ, නාගපට්ටිනම් ප්රදේශයේ සිට ශ්රී ලංකාවට මත්ද්රව්ය ජාවාරම් කරන බවට ලැබුණු රහසිගත තොරතුරක් මතය.
@Lankatruth.com
Discover more from cmn.lk
Subscribe to get the latest posts sent to your email.

