මත්ද්රව්ය වැරදි සම්බන්ධ නීති දැඩි කිරීමට පියවර – නලින්ද ජයතිස්ස
“රටම එකට” ජාතික මෙහෙයුම ක්රියාත්මක කළ කාලසීමාව තුළ මත්ද්රව්ය වැටලීම් විශාල සංඛ්යාවක් සිදු කර සැකකරුවන් 322,218 දෙනෙකු අත්අඩංගුවට ගෙන ඇති බව කැබිනට් ප්රකාශක, සෞඛ්ය හා ජනමාධ්ය අමාත්ය වෛද්ය නලින්ද ජයතිස්ස මහතා පැවසීය.
අමාත්යවරයා මේ බව සඳහන් කළේ ඊයේ (20) රජයේ ප්රවෘත්ති දෙපාර්තමේන්තුවේ පැවති කැබිනට් තීරණ දැනුම්දීමේ මාධ්ය හමුවේදී අදහස් දක්වමිනි.
2025 ඔක්තෝබර් 30 වැනිදා සිට 2026 ඔක්තෝබර් 18 වැනිදා දක්වා කාලය තුළ හෙරොයින් වැටලීම් 97,074ක් සිදු කර හෙරොයින් කිලෝග්රෑම් 2,485.1ක් අත්අඩංගුවට ගෙන ඇති බව අමාත්යවරයා සඳහන් කළේය.
එම කාලය තුළ අයිස් මත්ද්රව්ය වැටලීම් 18,710ක් සිදු කර අයිස් මත්ද්රව්ය කිලෝග්රෑම් 3,032.07ක් අත්අඩංගුවට ගෙන තිබේ. කොකේන් වැටලීම් 261කින් කොකේන් කිලෝග්රෑම් 297.1ක් ද, ගංජා වැටලීම් 65,765කින් ගංජා කිලෝග්රෑම් 11,146ක් සහ ගංජා පැළ මිලියන 16.7ක් ද අත්අඩංගුවට ගෙන ඇත.
තවද, කුෂ් මත්ද්රව්ය වැටලීම් 21,323කින් කුෂ් කිලෝග්රෑම් 1,723ක්, හෂීස් කිලෝග්රෑම් 416ක් සහ මත් පෙති මිලියන 4.5ක් ඇතුළු මත්ද්රව්ය තොග අත්අඩංගුවට ගෙන තිබේ.
මෙම මෙහෙයුම යටතේ නීතිවිරෝධී වත්කම් සම්බන්ධයෙන් සැකකරුවන් 449 දෙනෙකුට එරෙහිව විමර්ශන ආරම්භ කර ඇති අතර, සැකකරුවන් 3,749 දෙනෙකුට එරෙහිව රැඳවුම් නියෝග ලබාගෙන ඇත. පුනරුත්ථාපනය සඳහා යොමු කර ඇති සැකකරුවන් සංඛ්යාව 2,580කි.
එසේම, 2026 ජනවාරි 26 වැනිදා සිට ඔක්තෝබර් 16 වැනිදා දක්වා කාලය තුළ හෙරොයින් සම්බන්ධයෙන් සැකකරුවන් 1,469ක්, ගංජා සම්බන්ධයෙන් 7,073ක්, කොකේන් සම්බන්ධයෙන් 272ක්, හෂීස් සම්බන්ධයෙන් 857ක් සහ අයිස් මත්ද්රව්ය සම්බන්ධයෙන් 1,649ක් අත්අඩංගුවට ගෙන ඇති බව ද අමාත්යවරයා පැවසීය.
මේ අතර, විෂ මත්ද්රව්ය ග්රෑම් 100ක් දක්වා වූ ප්රමාණ සම්බන්ධ නඩු මහාධිකරණය හමුවේ විභාග කිරීමට හැකි වන පරිදි අදාළ පනත සංශෝධනය කිරීමට පියවර ගෙන ඇති බවත්, එම සංශෝධනය ඔක්තෝබර් 22 වැනිදා පාර්ලිමේන්තුවේදී සිදු කිරීමට නියමිත බවත් අමාත්යවරයා වැඩිදුරටත් සඳහන් කළේය.
Discover more from cmn.lk
Subscribe to get the latest posts sent to your email.

