Latestදේශීය

ගල් අඟුරුවල ප්‍රමිතියේ ගැටළුවක් නැහැ – නලින්ද ජයතිස්ස

නොරොච්චෝලේ ජනක යන්ත්‍ර අක්‍රිය වීමට භාවිත කළ ගල් අඟුරු හේතු නොවන බවත් සැප්තැම්බර් මස 4වැනි දින සිට එම යන්ත්‍රවලට භාවිත කරන්නේ මිලදී ගත් නව ගල් අඟුරු බවත් විපක්ෂය ඒ සම්බන්ධව සිදු කරන චෝදනා ප්‍රතික්ෂේප කරන බවත් අමාත්‍ය මණ්ඩලයේ මාධ්‍ය ප්‍රකාශක , සෞඛ්‍ය හා ජනමාධ්‍ය අමාත්‍ය වෛද්‍ය නලින්ද ජයතිස්ස මහතා පවසයි.

අමාත්‍යවරයා මේ බව පැවසුවේ ඊයේ (20) රජයේ ප්‍රවෘත්ති දෙපාර්තමේන්තුවේ පැවැති කැබිනට් තීරණ දැනුම් දීමේ මාධ්‍ය සාකච්ඡාවට සහභාගී වෙමිනි.

නොරොච්චෝලේ බලාගාරයේ ජනක යන්ත්‍ර අංක 1 , නඩත්තු කටයුත්තක් හේතුවෙන් දින 62 ක කාලයක් ක්‍රියාත්මක නොවූ බව පෙන්වා දෙන අමාත්‍යවරයා සැප්තැම්බර් මස 4 වැනි දින නැවත ක්‍රියාත්මක කළ බවත් සඳහන් කළේය.මෙම ජනක යන්ත්‍ර විටින ව්ට අක්‍රිය වන බව සඳහන් කළ හෙතෙම මේ වන විට එම ජනක යන්ත්‍ර සඳහා නව ගල් අඟුරු භාවිත කරන බවත් එම ගල් අඟුරුවල ප්‍රමිතිය පිළිබද ගැටලුවක් නොමැති බවත් අවධාරණය කළේය.

තවද විදුලිය කප්පාදු කිරීම් අඛණ්ඩව සිදු වන්නේ දැයි මාධ්‍යවේදියකු යොමු කළ ප්‍රශ්නයකට පිළිතුරු ලබා දුන් අමාත්‍යවරයා විදුලි බල අමාත්‍යංශය සඳහන් කළ පරිදි හෙට සිට නැවත විදුලි සැපයුම යථා තත්වයට පත් වනු ඇති බවට විශ්වාසය පළකරන බව කීය.

එසේම මෙම විදුලි ජනක යන්ත්‍ර අක්‍රීය වීම සම්බන්ධව අභ්‍යන්තර පරීක්ෂණයක් සිදු කෙරෙන බවද අමාත්‍යවරයා වැඩිදුරටත් සඳහන් කළේය.


Discover more from cmn.lk

Subscribe to get the latest posts sent to your email.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *