Latestදේශීය

පහත හේවාහැට ප්‍රාදේශීය සභාව අත්හිටුවයි

සමගි ජන බල­වේ­ග­යට බලය හිමි පාත­හේ­වා­හැට ප්‍රාදේ­ශීය සභාව අත්හි­ටුවා එහි බල­තල ක්‍රියා­ත්මක කිරීම මහ­නු­වර දිස්ත්‍රික් පළාත් පාලන සහ­කාර කොම­සා­රි­ස්ව­රිය යට­තට පත් කිරී­මට මධ්‍යම පළාත් ආණ්ඩු­කාර විශේ­ෂඥ වෛද්‍ය සුරංග ප්‍රනාන්දු මහතා පිය­වර ගෙන තිබේ.

ඊට අදාළ ගැසට් නිවේ­ද­නය පෙරේදා (19) නිකුත් කර තිබෙන අතර, එම­ඟින් සභාවේ සහ සභා­ප­ති­ව­ර­යාගේ බල­තල ක්‍රියා­ත්මක කිරීම සහ කාර්ය­යන් ඉටු කිරීම මහ­නු­වර දිස්ත්‍රි­ක්කයේ පළාත් පාලන සහ­කාර කොම­සා­රිස් ඒ.ඩබ්ලිව්.ජී.එල්. අත්ත­නා­යක මහ­ත්මිය යට­තට පවරා ඇත. සමගි ජන බල­වේ­ගය ප්‍රමුඛ ඒකා­බද්ධ විප­ක්ෂ­යට බලය හිමිව තිබූ පාත­හේ­වා­හැට ප්‍රාදේ­ශීය සභාව මඟින් පසු­ගිය කාලය තුළ ප්‍රදේ­ශයේ ජන­තා­වට ප්‍රති­ලාභ අත්වන කිසිදු ව්‍යාපෘ­ති­යක් සාර්ථ­කව ක්‍රියා­ත්මක නොකි­රීම සම්බ­න්ධ­යෙන් ලැබුණු මහ­ජන පැමි­ණිලි සැල­කි­ල්ලට ගෙන විම­ර්ශ­න­යක් සිදු කිරීම සඳහා මධ්‍යම පළාත් ආණ්ඩු­කාර විශේ­ෂඥ වෛද්‍ය සුරංග ප්‍රනාන්දු මහතා විසින් විශ්‍රා­ම­ලත් අධි­ක­රණ නිල­ධාරී නිහාල් සුනිල් රාජ­පක්ෂ මහතා පත් කරනු ලැබීය. එම පත් කිරී­මට අදාළ ගැසට් නිවේ­ද­නය පසු­ගිය සැප්තැ­ම්බර් මස 22 වැනිදා නිකුත් විය. සභාව අත්හි­ටුවා සහ­කාර කොම­සා­රිස් පාල­නය යට­තට පත් කිරීම ආණ්ඩු­කා­ර­ව­රයා සිදු­කර ඇත්තේ 1987 අංක 15 දරන ප්‍රාදේ­ශීය සභා පනත අනුව තමන්ට ලැබී තිබෙන බල­තල ප්‍රකා­ර­වය.

පසු­ගිය පළාත් පාලන ඡන්ද­යේදී පාත­හේ­වා­හැට ප්‍රාදේ­ශීය සභාවේ සභික ධුර 43න් ඒකා­බද්ධ විප­ක්ෂ­යට සභික ධුර 25ක් ද, ජාතික ජන බල­වේ­ග­යට සභික ධුර 18ක් ද ලැබී තිබිණි.

සමගි ජන බල­වේ­ගය ඇතුළු පක්ෂ කිහි­ප­යක් එක­තුවී සභාවේ බලය පිහි­ටු­වනු ලැබූ අතර සභා­පති ධුර­යට පත්වූයේ සමගි ජන බල­වේ­ගයේ ක්‍රිෂාන්ත රාජ­නා­යක මහ­තාය. අල්ලස් චෝද­නා­ව­කට ලක්ව සිටි ඔහු සභා­පති ධුර­යෙන් ඉල්ලා අස්වීම හේතු­වෙන් එම ධුරය පුර­ප්පාඩු විය. වැඩ බැලීම සඳහා උප සභා­ප­ති­ව­රයා තාව­කා­ලි­කව පත් කරනු ලැබීය.

සභාව සඳහා නව සභා­ප­ති­ව­ර­යකු පත්කර ගැනීම සඳහා මධ්‍යම පළාත් පළාත් පාලන කොම­සා­රි­ස්ව­රිය අවස්ථා තුන­කදී සභාව කැඳවූ නමුත්, ගණ­පූ­ර්ණය නොමැ­ති­වීම හේතු­වෙන් අවස්ථා තුනේ­දීම සභා­ප­ති­ව­ර­යකු තෝරා ගැනී­මට නොහැකි විය.

කොම­සා­රි­ස්ව­රිය පන­වන නියෝග හා උප­දෙස් නොපි­ළි­පැ­දීම, අකී­කරු වීම හා නොසැ­ල­කි­ලි­මත් වීම සම්බ­න්ධ­යෙන් පළාත් පාලන කොම­සා­රිස් චමිලා අත­පත්තු මහ­ත්මිය ආණ්ඩු­කා­ර­ව­ර­යාට කරුණු වාර්තා කර තිබිණි.

@දිනමිණ


Discover more from cmn.lk

Subscribe to get the latest posts sent to your email.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *