Latestදේශීය

කජ්ජා සහ දරුවන් දෙදෙනා ඝාතනයට අචිනි අත්අඩංගුවට

අරුණ විදා­න­ග­මගේ හෙවත් ‘මීග­ස්ආරේ කජ්ජා’ සමඟ ඔහුගේ දරු­වන් දෙදෙනා ඝාත­න­යෙන් පසු රටින් පලා ගිය ප්‍රධාන සැක­කා­රි­යක් වූ අනෝෂා ලක්මාලි හෙවත් ‘අචිනි’ නමැ­ත්තිය එක්සත් එමීර් රාජ්‍යයේ සිට අප­රාධ පරී­ක්ෂණ දෙපා­ර්ත­මේ­න්තුවේ විශේෂ පොලිස් කණ්ඩා­ය­මක් විසින් ඊයේ (27) මෙර­ටට රැගෙන එනු ඒ බව මෙර­ටට දැනුම් දීමෙන් අන­තු­රුව අප­රාධ පරී­ක්ෂණ දෙපා­ර්ත­මේ­න්තුවේ පොලිස් කණ්ඩා­ය­මක් එර­ටට ගොස් ඇයව රැගෙන ඒමට පිය­වර ගත් බව අප­රාධ පරී­ක්ෂණ දෙපා­ර්ත­මේ­න්තුවේ උසස් නිල­ධා­රි­යෙක් පැව­සීය.

මිද්දෙ­ණිය, කටු­වන ප්‍රදේ­ශයේ පදිංචි 34 හැවි­රිදි වියේ පසු­වන මෙම කාන්තාව ඝාත­න­යට ලක් වූ ‘කජ්ජා’ නමැත්තා සමඟ සමීප සබ­ඳතා පවත්වා ඇති බව පොලිස් විම­ර්ශ­න­ව­ලදී හෙළි වී ඇත. පොලිස් විම­ර්ශ­න­ව­ලින් අනා­ව­ර­ණය වී ඇත්තේ, ඝාත­න­යට ලක්වන අව­ස්ථාව වන විට ‘කජ්ජා’ වෙත අව­සාන දුර­ක­තන ඇම­තුම සහ කෙටි පණි­වි­ඩය ලබා දී ඇත්තේ ද මෙම සැක­කා­රිය බවය.

‘බැකෝ සමන්’ නමැ­ත්තාගේ උප­දෙස් මත, ආහාර ගැනීම සඳහා ‘කජ්ජා’ සහ දරු දෙදෙනා අදාළ අව­න්හල වෙත උපා­ය­ශී­ලීව කැඳ­වා­ගෙන යෑම සිදු කර ඇත්තේ ද ඇය විසින් බව වැඩි­දු­ර­ටත් අනා­ව­ර­ණය වී තිබේ. එලෙස ආහාර ගැනී­මට පැමිණි අව­ස්ථා­වේදී මෙම වෙඩි ප්‍රහා­රය එල්ල වී තිබුණි. මෙම ත්‍රිත්ව ඝාත­නය ඉකුත් වසරේ පෙබ­ර­වාරි 18 වැනිදා සිදු­විය.

අප­රාධ පරී­ක්ෂණ දෙපා­ර්ත­මේ­න්තුවේ නිල­ධා­රීන් සැක­කා­රි­ය­ගෙන් කළ ප්‍රශ්න කිරී­මේදී ඇය පවසා ඇත්තේ ‍ ඉකුත් අගෝස්තු 30 වැනිදා ඩුබායි හී සාජා නුවර සිට මෙර­ටට පැමි­ණී­මට යෑමේදී එරට පොලී­සිය මගින් තමාව අත්අ­ඩං­ගු­වට ගත් බවය. කජ්ජා ඝාත­න­යෙන් පසුව තමන් පිළි­බඳ හෙළි­වී­මත් සමඟ 2025 මාර්තු 05 දා තායි­ල­න්තයේ බැංකොක් නුව­රට පලා­ගිය බව ද ඇය පවසා ඇත. අන­තු­රුව මැලේ­සි­යා­වට ගොස් ඩුබායි රාජ්‍ය­යට ගිය බවත් ඇය පවසා තිබේ.

@දිනමිණ


Discover more from cmn.lk

Subscribe to get the latest posts sent to your email.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *