Latestදේශීය

රඛිතගේ සුඛෝපභෝගී මෝටර් රථ දෙකක් තහනම් කරයි

හිටපු අධිකරණ ඇමති විජයදාස රාජපක්ෂගේ පුත් නීතිඥ රඛිත රාජපක්ෂට අයත් සුඛෝපභෝගී මෝටර් රථ දෙකක් අල්ලස් කොමිසමේ නිලධාරීන් විසින් තහනම් කර තිබේ.

අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව භාරයේ රැඳවුම් නියෝග මත රඳවාගෙන සිටි ප්‍රබල මත්ද්‍රව්‍ය ජාවාරම්කරුවකු බව කියන “හරක් කටා”  නමැත්තා රැඳවුම් භාරයෙන් මුදාගෙන ආරක්ෂිත බන්ධනාගාරයක රැඳවීම සඳහා ඔහුගේ බිරිඳගෙන් රුපියල් කෝටි 50ක් අල්ලස් ඉල්ලා එය කෝටි 20ක් දක්වා අඩු කර ඉන් කෝටි දොළහක අල්ලසක් ලබා ගැනීමේ සිද්ධියක් සම්බන්ධයෙන් අල්ලස් කොමිසම මගින් අත් අඩංගුවට ගත් නීතිඥ රඛිත රාජපක්ෂ, සමගි ජන බලවේගයේ හිටපු හොරණ සංවිධායක චරිත් අබේසිංහ සහ හිටපු ගුවන්තොටුපොළ හා ගුවන් සේවා අධ්‍යක්ෂ අරුණ ශ්‍රී චතුරංග යන තිදෙනා අධිකරණයට ඉදිරිපත් කිරීමෙන් පසු රක්ෂිත බන්ධනාගාරගත කෙරිණි.

අනතුරුව ඔවුන් කොළඹ මහේස්ත්‍රාත් අධිකරණයෙන් ඇප මුදාහැරි අතර ඔවුන්ගේ දේපළ සම්බන්ධයෙන් අපරාධයකින් උත්පාදිත දේ පිළිබඳ පනත යටතේ අල්ලස් කොමිසම විමර්ශනයක් ආරම්භ කළේය.

ඒ ඔවුන් අල්ලස් ලෙස ලබාගත් බව කියන රුපියල් කෝටි 12ක මුදල සොයාගැනීමට නොහැකි වීම හේතුවෙනි.

ඒ අනුව රඛිත රාජපක්ෂට අයත් බව කියන බැංකු ගිණුම් 4ක්ද අල්ලස් කොමිසමේ නිලධාරීන් විසින් තහනම් කිරීමට කටයුතු කර තිබිණි.

@Lankatruth.com


Discover more from cmn.lk

Subscribe to get the latest posts sent to your email.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *