Latestදේශීය

චරිත් අබේසිංහගේ සුඛෝපභෝගී නිවසක් අත්හිටුවයි

සමගි ජන බලවේගයේ හිටපු හොරණ ආසන සංවිධායක චරිත් අබේසිංහට අයත්ව තිබූ සුඛෝපභෝගී නිවසක් අල්ලස් කොමිසමේ නිලධාරීන් විසින් තහනම් කර තිබේ.

අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව භාරයේ රැඳවුම් නියෝග මත රඳවාගෙන සිටි ප්‍රබල මත්ද්‍රව්‍ය ජාවාරම්කරුවකු බව කියන “හරක් කටා” නමැත්තා රැඳවුම් භාරයෙන් මුදාගෙන ආරක්ෂිත බන්ධනාගාරයක රැඳවීම සඳහා ඔහුගේ බිරිඳගෙන් රුපියල් කෝටි 50ක් අල්ලස් ඉල්ලා එය කෝටි 20ක් දක්වා අඩු කර ඉන් කෝටි දොළහක අල්ලසක් ලබා ගැනීමේ සිද්ධියක් සම්බන්ධයෙන් අල්ලස් කොමිසම මගින් අත් අඩංගුවට ගත් නීතිඥ රඛිත රාජපක්ෂ, සමගි ජන බලවේගයේ හිටපු හොරණ සංවිධායක චරිත් අබේසිංහ සහ හිටපු ගුවන්තොටුපොළ හා ගුවන් සේවා අධ්‍යක්ෂ අරුණ ශ්‍රී චතුරංග යන තිදෙනා අධිකරණයට ඉදිරිපත් කිරීමෙන් පසු රක්ෂිත බන්ධනාගාරගත කෙරිණි. පසුව ඔවුන් ඇප මත මුදා හරින ලදී.

“අපරාධවලින් උපයාගත් දේපළ පිළිබඳ පනත” යටතේ මෙම දේපළ තහනම් කිරීමේ පියවර ගෙන ඇති බව කොමිෂන් සභාව අධිකරණයට දන්වා තිබේ.

මේ අතර පසුගිය දා (29) දිනයේ දී මෙම නඩුවේ තවත් සැකකරුවකු වන රඛිත රාජපක්ෂට අයත් බැංකු ගිනුම් හතරක් සහ සුඛෝපභෝගී මෝටර් රථ දෙකක් ඇතුළු දේපළ අත්හිටුවීමට අල්ලස් හෝ දූෂණ චෝදනා විමර්ශන කොමිෂන් සභාව පියවර ගෙන තිබිණි.

මීට අමතරව එම සැකකරුවන්ට ලබා දුන් ඇප බල රහිත කරන්නැයි ඉල්ලා අල්ලස් හෝ දූෂණ චෝදනා විමර්ශන කොමිසම විසින් ප්‍රතිශෝධන පෙත්සමක්ද ඉදිරිපත් කර ඇත.

@Lankatruth.com


Discover more from cmn.lk

Subscribe to get the latest posts sent to your email.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *