Latestදේශීය

ලාෆ්ස් ගෑස් සමාගමට එරෙහිව නඩු පවරයි

පාරිභෝගිකයන්ට අඛණ්ඩව ගෑස් සැපයීමට අපොහොසත් වීම සම්බන්ධයෙන්, පාරිභෝගික කටයුතු පිළිබඳ අධිකාරිය විසින් ලාෆ්ස් ගෑස් සමාගමට එරෙහිව කොළඹ ප්‍රධාන මහේස්ත්‍රාත් අධිකරණයේ නඩු පවරා තිබෙනවා.

කොළඹ අතිරේක මහේස්ත්‍රාත් දර්ශිමා ප්‍රේමරත්න හමුවේදී මෙම නඩුව කැඳවූ අතර, මෙම සිද්ධියට අදාලව ලබන 11 වැනිදා අධිකරණය හමුවේ පෙනී සිට කරුණු ඉදිරිපත් කරන ලෙසට දැනුම් දෙමින් අධිකරණය විසින් ලාෆ්ස් ගෑස් සමාගමට සිතාසි නිකුත් කර ඇති බවයි සඳහන් වන්නේ.

පාරිභෝගික කටයුතු පිළිබඳ අධිකාරී පනතේ විධාන අංක 86 උල්ලංඝනය කරමින්, පාරිභෝගිකයින්ට අඛණ්ඩව ගෑස් සැපයීමට මෙම සමාගම අපොහොසත් වීම සම්බන්ධයෙන් මෙලෙස නඩු පවරා තිබෙනවා.

ඒ අනුව, මෙම නඩුව ලබන 11 වැනිදා අධිකරණය හමුවේ කැඳවීමට නියමිතයි.

@Lankatruth.com


Discover more from cmn.lk

Subscribe to get the latest posts sent to your email.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *