අකුරැස්ස අපරාධ විමර්ශන අංශයේ ස්ථානාධිපති පොලිස් සේවයෙන් පහ කරයි
විෂමාචාර චෝදනා සහ මත්ද්‍රව්‍ය ජාවාරම්කාර කාන්තාවන් සමඟ සබඳතා පැවැත්වූ බවට එල්ල වූ චෝදනා මත අකුරැස්ස පොලිසියේ අපරාධ විමර්ශන අංශයේ ස්ථානාධිපති ලෙස කටයුතු කල උප පොලිස් පරීක්ෂක ගිහාන්ත ලක්ෂාන් පොලිස් සේවයෙන් පහ කිරීමට පොලිස්පති නීතීඥ ප්‍රියන්ත වීරසූරිය පියවර ගෙන තිබේ.
ඔහු මීට පෙර 2019.12.16 සිට 2021.10.05 දක්වා බස්නාහිර පළාත් දකුණ රථවාහන කොට්ඨාසයට අනුයුක්තව රාජකාරි කරමින් සිටියදී විවිධ විශමාචාර ක්‍රියාවන් සම්බන්ධයෙන් චෝදනා එල්ල වී තිබිණි. ඒ අනුව පොලිස්පති විසින් මූලික විමර්ශණයක් ආරම්භ කර ඊට අදාලව DIG/JR/DISC/159/2023 හා 2024.02.11 දිනැති සංශෝදිත චෝදනා පත්‍රයක් මෙම නිලධාරියාට ලබා දී ඇති අතර ඔහු විසින් එම චෝදනා පත්‍රයට වරද පිලිගෙන ඇත.
එහි ප්‍රතිඵලයක් ලෙස ලබාදුන් දඬුවම වන්නේ පොලිස් සේවයෙන් පහ කිරීමයි.
අදාළ නිලධාරියාට පොලිස් දෙපාර්තමේන්තුවෙන් සහ රජයෙන් ලබා දී ඇති සියලුම දේපොළ අකුරැස්ස පොලිසියේ ස්ථානාධිපති වෙත භාර දෙන ලෙස මාතර ජ්‍යෙෂ්ඨ පොලිස් අධිකාරී වසන්ත ජයමිණි කුමාර අකුරැස්ස පොලිසියේ ස්ථානාධිපති හරහා අදාළ නිලධාරියාට ලිඛිතව දැනුම් දී තිබේ.
මෙම නිලධාරියාට ඉකුත් අප්‍රේල් 14 වැනිදා සිංහල අලුත් අවුරුදු දින අකුරැස්ස ප්‍රදේශයේ පැවති අවුරුදු සාදයකට සහභාගී වී සිටි පිරිසක් සැකපිට අත්අඩංගුවට ගෙන ඔවුන් සතු රුපියල් ලක්ෂ 5ක මුදලක් කොල්ලකෑ බවටද අකුරැස්ස ප්‍රදේශවාසීන් පිරිසකගෙන් චෝදනා එල්ල වී ඇත.
අකුරැස්ස පෝරඹ පටුමග ප්‍රදේශයේ නිවසක පැවති අවුරුදු සාදයකින් පසු රාත්‍රී 7.30ට පමණ නිවෙස් වෙත යාමට පැමිණි පුද්ගලයන් 08 දෙනෙකුට අවිගත් නිලධාරීන් පිරිසක් විසින් සැකපිට අත්අඩංගුවට ගෙන තිබිණි. නිල ඇඳුම් පවා නොමැතිව පැමිණි නිලධාරීන් සිව්දෙනෙකු මෙම අපරාධය සිදු කර, වෑන් රථයකට ඔවුන් නංවාගෙන බිය ගන්වා පොලිසිය දෙසට රැගෙන ගොස් ඇත. පසුව මංකොල්ලකෑ මුදලින් සුළු කොටසක් ආපසු ලබා දී, මේ ගැන කිසිවකුට නොකියන ලෙස තර්ජනය කර පොලිස් ඇප මත ඔවුන් මුදාහැර තිබිණි.
@Lankatruth.com
Discover more from cmn.lk
Subscribe to get the latest posts sent to your email.

