Latestවිදේශීය

අමෙරිකාවේ ආරක්ෂක ලේකම් පිට් හෙග්සෙත්ට දැඩි චෝදනා

ඉරාන යුද්ධය හැසිරවීම ඇතුළු විවිධ කරුණු රැසක් මුල් කරමින් අමෙරිකාවේ ආරක්ෂක ලේකම් පිට් හෙග්සෙත්ට එරෙහිව සෙනෙට් සභාවට දෝෂාභියෝගයක් ඉදිරිපත් වීමට නියමිතව ඇතැයි විදෙස් මාධ්‍ය වාර්තා කරයි. ලබන සතියේදී සෙනෙට් සභාවේ බලය හුවමාරු කරගැනීමේ සැසිය සඳහා සෙනෙට් මන්ත්‍රීවරු වොෂින්ටන් නුවර වෙත පැමිණීමෙන් පසුව එම දෝෂාභියෝග යෝජනාව ඉදිරිපත් කිරීමට සහ නියෝජිත මන්ත්‍රී මණ්ඩලයේ ඡන්ද විමසීමක් සිදු කිරීමට ට්‍රම්ප්ගේ රිපබ්ලිකන් පක්ෂයේහිම මන්ත්‍රීවරයකු වන තෝමස් මැසී බලාපොරොත්තුවෙන් පසුවන බව විදෙස් මාධ්‍ය වැඩිදුරටත් වාර්තා කරයි.

ජනාධිපතිවරයාගේ දැඩි විවේචකයකු වන මැසී මීට පෙර සැප්තැම්බර් මාසයේදී ආරක්ෂක ලේකම්වරයාට එරෙහිව දෝෂාභියෝග යෝජනා 8ක්ම ඉදිරිපත් කර තිබූ බවත්, මධ්‍ය වාර මැතිවරණයට පෙර සභා වාරය කල් තැබීමට රිපබ්ලිකන් පක්ෂයේ කථානායක මයික් ජොන්සන් ගත් තීරණය හේතුවෙන් එම යෝජනා සභාවට ඉදිරිපත් නොවූ බවත් වාර්තා වේ.

ඉරාන යුද්ධය ආරම්භ කිරීමට ජනාධිපතිවරයාට සහාය පළ කිරීම සහ කිසිදු ප්‍රතිඵලයක් නොමැති යුද්ධයකට හමුදාව යෙදවීම වෙනුවෙන් අඛණ්ඩව පෙනී සිටීම හේතුවෙන් රිපබ්ලිකන් මන්ත්‍රීවරුන්ගෙන්ම ආරක්ෂක ලේකම්වරයාට දැඩි චෝදනා එල්ල වී තිබූ බව ද වාර්තා වේ.

@දිනමිණ


Discover more from cmn.lk

Subscribe to get the latest posts sent to your email.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *