ජනතාවගේ බලය තහවුරු කරන සමාජවාදී අරගලයක් වෙනුවෙන් සටන් කරනවා – ළහිරු වීරසේකර
” දිවි හිමියෙන් සටන් වැදුණු පරපුරක සිහිනය සමාජවාදය ” මැයෙන් පෙරටුගාමී සමාජවාදී පක්ෂයේ 37වන ඉල්මහා විරු සමරුව ඊයේ (13) යක්කල නගර සභා ශාලාවේදී පවත්වන ලදි.
එහිදී අදහස් දැක්වූ YOUTH FOR CHENGE සංවිධානයේ සංවිධායක ලේකම් ළහිරු වීරසේකර,
” අපි අද මේ සමරන්නේ 37වෙනි ඉල්මහා විරු සමරුව. අපි මේ සමරන්නේ ජීවිතේ තරුණ වයසෙදි තමන්ගේ ජීවිතේ අසීරුම තීරණයක් ගත්ත සහෝදරවරුන්ගේ මතකය. එදා ඔවුන් තේරුම් ගත්තා ධනවාදය අසමත් ඒ නිසා සමාජවාදය වෙනුවෙන් සඨන් වැදිය යුතුයි කියලා. තමන්ගේ ඒ දේශපානලන අභිලාශය වෙනුවෙන් පෞද්ගලික අරමුණු පස්සට දාලා ඔවුන් පෙරට ආවා. එදා ජනතා විමුක්ති පෙරමුඅනේ පූර්ණකාලීනයන් බවට පත් වුණේ ඒ දේශපානලන හැඟීම තිබුණු පරපුරක්. ඔළුවට පරාල ඇණ ගහද්දිත් නියපොතු උගුල්ලද්දිත් ඔවුන් තමන්ගේ දේශපානලන අරමුණු පාවා දුන්නේ නැහැ. අපි අද අවුරුදු 37කට පස්සෙත් අපේ ආචාරය ඔවුන් වෙත පුද කරන්නේ ඒ නිසා.
අද සමහරු කියනවා සමාජවාදය යල් පැනලාලු. හැබැයි සමාජවාදය යල් පැන ගිහිල්ලා කියලා ඔප්පු කරන්න ඔවුන් දසදහස් ගණනින් විමුක්තිකාමීන්ව ඝාතනය කළා. මහාපරිමාණයෙන් වධකාගාර පවත්වාගෙන ගියා. හැබැයි කඩන්න කඩන්න අකුණු ගහන කාලෙට පිපෙන බිම් මල් වගේ සමාජවාදය මේ මහපොළොවේ පැල වෙනවා. සමාජවාදය අසමත් කියලා කියන්න හදන අයගෙන් අපි අහන්නේ උඹලා ඔය බදාගෙන ඉන්න ධනවාදය මොනවද ලෝකෙට දීලා තියෙන්නේ ?
ගාසා තීරය, අද අමු සොහනක්. ඉරානය ඇතුළු මැදපෙරදිග කලාපයම තියෙන්නේ යුද්ධයේ භීතිකාවෙන් හෙම්බත් වෙලා. මිනිස්සු මහලොකුවට හිතාගෙන හිටපු යුරෝපයේ තත්වය මොකක්ද ? රැකියා නැතුව තරුණ තරුණියෝ ඉන්නේ අසහනයෙන්. මිනිස්සුන්ට ජීවත් වෙන්න ප්‍රමාණවත් වැටුපක් නැහැ. බදුබර වැඩි වෙලා. මෙන්න මේවා නිසා අන්න ද මුළු යුරෝපයම ජීවත් වීමේ අයිතිය ඉල්ලලා සඨන් කරනවා. මහාපරිමාණයෙන් කරන පාරිසරික දූෂණය නිසා අද මහපොළොව මිනිහෙකුට ජීවත් වෙන්න බැරි තරම් උණුසුම් වෙලා. මෙන්න මෙහෙම ක්‍රමයක් ද මේ නවලිබරල් න්යායාචාර්යවරු රකින්න කියලා අපිට කියන්නේ. මෙහෙම ලෝකයක් ආරක්ෂා කරන්න අපි තවදුරටත් අපේ ජීවිත කැප කරන්න ඕන ද ?

ලෝකෙ තත්වය මෙහෙම තියෙද්දි අද විහාරමහාදේවී උද්‍යානයේ ඉල්විරුවන් සමරන ජනතා විමුක්ති පෙරමුණේ ආණ්ඩුව ලංකාවෙ මොනවද කරන්නේ. අපි දැක්කා අනුර කුමාරගෙ 2027 අයවැය කතාවෙන් පස්සේ ඩඩ්ලි සිරිසේනලා පාර්ලිමේන්තුවේ තේ සාදයට ගිහිල්ලා ඉන්න හැටි. කවුද ඩඩ්ලිට මේකට එන්න කිව්වේ. මේ අයවැයෙන් සහන ලැබුණේ මහාපරිමාණ ව්‍යාපාරිකයන්ට. සාමාන්යෙ ජනතාවට කිසිම දෙයක් ලැබුණේ නැහැ. ඒ නිසයි ඩඩ්ලිලා කරට අතදාගෙන ගිහිල්ලා තේ බොන්නේ. අපි අහන්නේ මාලිමාවේ නායකයන්ගෙන් ලැජ්ජාවක් නැද්ද කියලා තමයි.
එදා 88 – 89 පරම්පරාව නියෝජිතය කරපු ජනතා විමුක්ති පෙරමුණ අද ධනකුවේරයන්ගේ ඔඩොක්කු කුක්කෝ වෙලා මේ ක්‍රමය සුද්ද කරලා තියාගෙන යන්න හැදුවට අපිට පුලුවන් කමක් නැහැ නිහඬව බලාගෙන ඉන්න. මොකද මේ නවලිබරල් ධනවාදය අසමත් කියලා කියන්න තවත් සාධක අපිට අවශ්‍ය නැහැ. ළමයි මන්දපෝෂණය හැදිලා මැරෙන ලෝකයක්. පොඩි දරුවන්ගේ ඔළුවට බෝම්බ අතහරින ලෝකයක් අපිට තවදුරටත් අවශ්‍ය නැහැ.
දැන් සමහරු හිතනවා ආයෙම අරගලයක් එන එකක් නැහැ කියලා. ආණ්ඩුව හිතුමනාපෙට වැඩ කරගෙන යන්නේ ඒ නිසා. හැබැයි මේ පීඩනය පුපුරා යන දවසක් ලඟදිම එනවා. ප්‍රශ්න දිහා අසාධාරණය දිහා නිහඬව බලාගෙන ඉන්න සමාජයක් නෙමෙයි අද තියෙන්නේ. කැලෑ ඇතුළේ නිදහසේ හැදුණු වැඩුණු කාවන්තිස්සව ඝාතනය වෙද්දි මේ සමාජය කැළඹුනා. හෝමාගම පොලීසිය ඇතුළේ තරුණයෙක් ඝාතනය වෙද්දි මේ සමාජය කැළඹුණා. අන්න ඒ කැළඹීම තමයි මේ රටේ ඊලග අරගලයට පාර කපන්නේ. ඒ අරගලය තවත් එක් අරගලයක් කරනවා වෙනුවට ජනතාවගේ බලය තහවුරු කරන සමාජවාදී අරගලයක් බවට පත් කරන්න අපි කැප වෙනවා. “

Discover more from cmn.lk
Subscribe to get the latest posts sent to your email.

