ක්‍රිෂ් නඩුවේ නාමල්ගේ ඇප අහෝසියි
ක්‍රිෂ් ගනුදෙනුව සම්බන්ධයෙන් රක්ෂිත බන්ධනාගාර භාරයට පත්කර සිටි පාර්ලිමේන්තු මන්ත්‍රී නාමල් රාජපක්ෂ ඇප මත මුදා හරින ලෙස කොළඹ මහේස්ත්‍රාත් අධිකරණය විසින් ඉකුත් දා නිකුත් කළ නියෝගය අත්හිටුවමින් කොළඹ මහාධිකරණය විසින් අද (18) අතුරු තහනම් නියෝගයක් නිකුත් කර තිබේ.
කොළඹ මහාධිකරණ විනිසුරු ලාල් බණ්ඩාර රණසිංහ විසින් මෙම නියෝගය නිකුත් කර ඇත්තේ, අල්ලස් කොමිසම විසින් කළ ඉල්ලීමක් සලකා බැලීමෙන් අනතුරුවය.
පාර්ලිමේන්තු මන්ත්‍රී නාමල් රාජපක්ෂ ඇප මත මුදා හැරීමට කොළඹ මහේස්ත්‍රාත් අධිකරණය දුන් නියෝගය නීතියට පටහැණි බවත්, එය ප්‍රතිශෝධනය කරන ලෙසත් ඉල්ලා අල්ලස් කොමිසම විසින් කොළඹ මහාධිකරණය වෙත මෙම ප්‍රතිශෝධන පෙත්සම ඉදිරිපත් කර තිබිණි.
@Lankatruth.com
Discover more from cmn.lk
Subscribe to get the latest posts sent to your email.

