Latestදේශීය

නිල්දිය පොකුණ නැරඹීම තාවකාලිකව තහනම්

රාවණා ඇල්ල අභයභූමිය තුළ පිහිටි ජනප්‍රිය සංචාරක ආකර්ෂණයක් වන නිල් දිය පොකුණ නැරඹීම තාවකාලිකව අත්හිටුවීමට වනජීවී සංරක්ෂණ දෙපාර්තමේන්තුව පියවර ගෙන තිබේ.

නව රෙගුලාසි යටතේ විධිමත් සංචාරක කටයුතු නිල වශයෙන් යළි ආරම්භ කරන තෙක් මෙම තහනම ක්‍රියාත්මක වන බව වාර්තා වේ.

ඒ අනුව, 2026 සැප්තැම්බර් 15 වන දින නිකුත් කළ අංක 2506/43 දරන අතිවිශේෂ ගැසට් නිවේදනය මගින් රාවණා ඇල්ල අභයභූමිය තුළ සංචාරක කටයුතු පාලනය කිරීම සඳහා නව නීති හා රෙගුලාසි හඳුන්වා දී තිබේ.

මේ අතර, ඇතැම් පුද්ගලයින් නිසි අවසරයකින් තොරව සංචාරකයින් නිල් දිය පොකුණ වෙත රැගෙන යාමට උත්සාහ කරන බවද බලධාරීන් පෙන්වා දී ඇත.

වනජීවී සංරක්ෂණ දෙපාර්තමේන්තුව විසින් නිකුත් කරන ලද වලංගු බලපත්‍රයක් සහ දෙපාර්තමේන්තුවේ ලියාපදිංචි සංචාරක මාර්ගෝපදේශකයෙකුගේ සහාය නොමැතිව අභයභූමියට ඇතුළුවීම තහනම් බවද අවධාරණය කර තිබේ.
අදාළ නීති හා රෙගුලාසි උල්ලංඝනය කරන පුද්ගලයින්ට එරෙහිව නීතිමය පියවර ගැනීමටද කටයුතු කරන බව වනජීවී සංරක්ෂණ දෙපාර්තමේන්තුව සඳහන් කරයි.

නරඹන්නන්ගේ ආරක්ෂාව තහවුරු කිරීම සහ නිල් දිය පොකුණ ආශ්‍රිත පාරිසරික පද්ධතිය ආරක්ෂා කර ගැනීම මෙම තීරණයේ ප්‍රධාන අරමුණ බවද සඳහන් වේ.

ඒ අනුව, නිසි අවසරයකින් තොරව නිල් දිය පොකුණ නැරඹීමට යාමෙන් වළකින ලෙස බලධාරීන් මහජනතාවගෙන් ඉල්ලා සිටී.

@දිනමිණ


Discover more from cmn.lk

Subscribe to get the latest posts sent to your email.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *