Latestදේශීය

නාමල් වෙනුවෙන් එක මතයක් නැත්තේ ඇයි?

එයාර් බස් ගනුදෙනුවෙන් අල්ලස් ගැනීම සම්බන්ධයෙන් නාමල් රාජපක්ෂට අධි චෝදනා ගොනු කිරීමත් ඔහුගේ බිරිඳ ලිමිනි වීරසිංහ පිළිබඳව ප්‍රචාරක ව්‍යාපාරයක් දියත් කිරීම කෙරෙහි දේශපාලන විශ්ලේෂකයන්ගේ අවධානය යොමු වී තිබේ.

එම චෝදනාව ම එල්ල වී ඇති ශමීන්ද්‍ර රාජපක්ෂ සහ ප්‍රියංකා නියෝමාලි අදාළ අධිකරණ ක්‍රියාමාර්ගයට මුහුණ දී තමන්ගේ නිදොස් බව ඔප්පු කර ගැනීම වෙනුවට රටින් පළා යාම බරපතළ තත්වයක් බව පෙන්වා දී ඇත.

ඊට අමතරව, කොළඹ මහේස්ත්‍රාත් අධිකරණය ඉදිරියේ දී නාමල් රාජපක්ෂ වෙනුවෙන් කරුණු දැක්වූ මොහොමඩ් අලි සබ්‍රි කියා සිටියේ ශිරන්ති රාජපක්ෂ තීරණාත්මක ශල්‍යකර්මයක මුහුණ දෙන බවත්, මහින්ද රාජපක්ෂ දැඩි විශාදයකින් පෙළෙන බවත් ය. එහෙත් පසුගිය 20 වෙනි දින කොළඹ ත්‍රිපුද්ගල මහාධිකරණය ඉදිරියේ නාමල් රාජපක්ෂ වෙනුවෙන් පෙනී සිටි ජනාධිපති රොමේෂ් ද සිල්වා ප්‍රකාශ කර ඇත්තේ පවුලේ සාමාජිකයන්ගේ රෝගී තත්වය පිළිබඳව සඳහන් කරමින් ඇප අයැදුම් නොකරන බවයි. ඒ වෙනුවෙන් පුද්ගලික නිදහස සීමා කළ නොහැකි බවට ජාත්‍යන්තර නඩු තීන්දු උපුටා ගනිමින් ඔහු කරුණු දක්වනු ලැබීය.

අධිකරණය ඉදිරියේ නීතිඥවරුන් ඉදිරිපත් කරන කරුණු තුළ පවා එක මතයක් නොතිබීම පිළිබඳව විශ්ලේෂකයන්ගේ අවධානය යොමු වී තිබේ.

@Lankatruth.com


Discover more from cmn.lk

Subscribe to get the latest posts sent to your email.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *