Latestවිදේශීය

ජනාධිපති විදුලි පහන් නිවාදමයි – ඉරානයට විදුලි කප්පාදුවක්

අමෙරිකාවේ සම්බාධක හා නාවික අවහිරතා හේතුවෙන් බලශක්ති අර්බුදයකට මුහුණ දී සිටින ඉරානයේ ජනතාවට බලශක්ති සංරක්ෂණ පණිවුඩයක් ඉදිරිපත් කිරීම සඳහා ජනාධීපති මසූඩ් පෙසෙෂ්කියන් සිය කාර්යාලයේ විදුලි පහන් නිවා දමා රාජකාරියේ නිරතවන බව වාර්තා වේ.

ලොව විශාලතම බොරතෙල් සහ ස්වාභාවික වායු සංචිත කිහිපයක් ඉරානය සතු වුවද, අමෙරිකානු සහ ඊශ්‍රායල ප්‍රහාරවලින් විනාශ වූ බලශක්ති යටිතල පහසුකම් රැසක් මේ වන විටත් පිළිසකර කරමින් පවතින බැවින් බලශක්තිය ඉතිරි කරන ලෙස සිය පුරවැසියන්ගෙන් ඉල්ලා සිටීමට ඉරාන ජනාධිපතිවරයා මේ පියවර ගෙන ඇතැයි වාර්තා වේ.

බරපතළ විදුලි හිඟය මධ්‍යයේ ඉරානයේ මේ වන විට විදුලි කප්පාදුවක් ද පනවා ඇති අතර, ඉරාන ජනාධිපති අඩු ආලෝකයක් සහිත කාර්යාලයේ කටයුතුවල නිරතවන අයුරු දැක්වෙන වීඩියෝ පටයක් රාජ්‍ය රූපවාහිනිය ඔස්සේ නිකුත් කර ඇතැයි වාර්තා වේ. විදුලි බලාගාර සඳහා ඉන්ධන සැපයීමේ දුෂ්කරතා හේතුවෙන් පාරිභෝගිකයන් සඳහා කාලසටහනකට අනුව විදුලි කප්පාදුවක් ආරම්භ කර ඇතැයි එරට විදුලිබල සමාගම ප්‍රකාශ කර තිබේ.

@දිනමිණ


Discover more from cmn.lk

Subscribe to get the latest posts sent to your email.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *