Latestදේශීය

බැංකුවක වෙබ් අඩවියක් ව්‍යාජ ලෙස සාදා ලක්ෂ 10ක් වංචා කළ අයෙක් අත්අඩංගුවට

පුද්ගලික බැංකුවක නිල වෙබ් අඩවියකට සමාන වෙබ් අඩවියක් සකස් කර පුද්ගලයෙකු රවටා ඔහුගේ ගිණුම් ප්‍රවේෂ දත්ත ලබාගනිමින් බැංකු ගිණුමේ තිබූ රුපියල් ලක්ෂ 10ක මුදලක් වංචා කිරීමක් සම්බන්ධයෙන් සැකකරුවෙකු අත්අඩංගුවට ගෙන තිබේ.

ඒ වාරියපොළ පරිගණක අපරාධ විමර්ශන අංශය වෙත ලද පැමිණිල්ලකට අනුවය.

විමර්ශනයේදී අනාවරණය වූ තොරතුරු මත මෙම මුදල් වංචාව සිදුකල බවට සැකකරන පුද්ගලික ආයතනයක සේවය කරන දත්ත ඇතුලත් කිරීමේ නිලධාරියෙකු පසුගිය දා (26) එම අංශයේ නිලධාරීන් විසින් අත්අඩංගුවට ගෙන ඇත. සැකකරු අවුරුදු 25 ක් වන රාගම ප්‍රදේශයේ පදිංචිකරුවෙකි.

සිද්ධිය සම්බන්ධයෙන් වාරියපොල පරිගණක අපරාධ විමර්ශන අංශය විසින් වැඩිදුර විමර්ශන සිදු කරයි.

@දිනමිණ


Discover more from cmn.lk

Subscribe to get the latest posts sent to your email.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *