අඟුලාන පොලීසියට පහර දුන් 14ක් අත් අඩංගුවට

කාන්තාවන් 09 දෙනෙකු ඇතුළු පුද්ගලයින් 14 දෙනෙකු අඟුලාන පොලිස් ස්ථානය ඉදිරිපිට නොසන්සුන්කාරි ලෙස හැසිරීම නිසා මෙම පුද්ගලයින්ව අත් අඩංගුවට ගෙන තිබේ .

අත්අඩංගුවට ගත් පුද්ගලයින් මොරටුව මහෙස්ත්‍රාත් අධිකරණයට ඉදිරිපත් කිරීමට අද ( 17 )  කටයුතු කරන බව පොලිස් මාධ්‍ය කොට්ඨාසය පවසයි.

 මෙම සිද්ධියෙන් පොලිස් නිලධාරින් 08 දෙනෙකු ද තුවාල ලබා තිබේ.

අඟුලාන පොලිස් ස්ථානය ඉදිරිපිට හැසිරුණු විරෝධතාකරුවන් පිරිසක් ඊයේ (16) පස්වරුවේ විසුරුවා හැරීමට විශේෂ කාර්ය බළකාය සහ පොලිස් කැරලි මර්දන ඒකකද එම ප්‍රදේශයට කැඳවා තිබේ.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *