දේශීය

දෝහා සිට පැමිණි පුද්ගලයින් 10 දෙනෙකු නිරෝධායනය කෙරේ.

දෝහා සිට පැමිණි පුද්ගලයින් 10 දෙනෙකු නිරෝධායනය කිරිමට කටයුතු කර ඇති අතර, යුද හමුදාව මඟින් පාලනය වන නිරෝධායන මධ්‍යස්ථාන වෙත එම පුද්ගලයින් සියලු දෙනාව යොමු කිරීමට පියවර ගෙන තිබේ.

අද (28) දින Covid 19 වැළැක්වීමේ ජාතික ක්‍රියාන්විත මධ්‍යස්ථානය වැඩි දුරටත් පවසන්නේ, යුද හමුදාව මඟින් පාලනය කරන නිරෝධායන මධ්‍යස්ථාන වෙතින් සිය නිරෝධායනය අවසන් කළ 171 ක් තම නිවෙස් වෙත යැමට නියමිත බවයි.

මේ වනවිට 27105ක් සිය නිරෝධායන ක්‍රියාවලිය අවසන් කර නිවෙස් වෙත ගොස් සිටින අතර නිරෝධායන මධ්‍යස්ථාන 38ක පුද්ගලයන් 3409ක් තවදුරටත් නිරෝධායනය වෙමින් සිටියි.

Please follow and like us:

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

× How can I help you?