ක්‍රීඩා

ටෙස්ට් කඩුළු 600ක් දවාගත් ලොව පළමු වේගපන්දු යවන්නා

එංගලන්ත කණඩායමේ ජෙම්ස් ඇන්ඩසර්න් ටෙස්ට් කඩුළු 600ක් දවාගත් ලොව පළමු වේගපන්දු යවන්නා බවට වාර්තා වේ.

සංචාරක පාකිස්ථාන කණ්ඩායම සමඟ පැවති තුන්වන සහ අවසන් ටෙස්ට් ක්‍රිකට් තරගයේ දී කඩුළු 07ක් දවා ගැනීමත් සමඟ කඩුලු 600ක් දවා ගත් ලොව සිව්වන පන්දු යවන්නා ලෙස ඇන්ඩර්සන් වාර්තා පොත් අතරට එක්වන බව විදෙස් මාධ්‍ය වාර්තා කළේය.

වැඩිම ටෙස්ට් කඩුළු ලාභින්ගෙන් ඇන්ඩර්සන්ට ඉහළින් පළමු ස්ථානයේ ශ්‍රී ලංකාවේ මුත්තයියා මුරලිදරන් ද පිළිවෙලින් දෙවන සහ තෙවන ස්ථානවල ඕස්ට්‍රේලියාවේ ෂේන් වෝන් සහ ඉන්දියාවේ අනිල් කුම්බ්ලේ ද සිටී.

සංචාරක පාකිස්ථාන කණ්ඩායම සමඟ පැවති තුන්වන සහ අවසන් ටෙස්ට් ක්‍රිකට් තරඟය ජයපරාජයකින් තොරව අවසන් විය. ඒ අනුව 1-0 ලෙස සත්කාරක එංගලන්තය තරඟාවලිය ජයගැනීමට සමත්විය.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

× How can I help you?