දේශීය

සා.පෙළ විභාගයට දින නියම වේ.

අපොස සා පෙළ විභාගය 2021 ජනවාරි මස 18 සිට 28 තෙක් දින 10ක් තුළ පැවැත්වීමට අධ්‍යාපන අමාත්‍යංශය තීරණය කර ඇත.

කොවිඩ් 19 හේතුවෙන් මෙම වසරේ පාසල් අධ්‍යාපන කටයුතු අඩාල වූ අතර එම හේතුවෙන් විෂයමාලා සම්පූර්ණ කිරීම ගැටළු සහගත තත්ත්වයකට පත්විය.

කෙසේ වෙතත් 2020 අපොස සා පෙළ විභාගය පවත්වා එහි ප්‍රතිඵල මත සිසු සිසුවියන්ගේ ඉදිරි අධ්‍යාපන කටයුතු සඳහා ඔවුන් යොමුකිරීමට රජය තීරණය කර ඇත. ඒ අනුව 2020 අපොස සා පෙළ විභාගය 2021 ජනවාරි මස පැවැත්වෙන අතර එයට අවශ්‍ය සියලු කටයුතු සූදානම් බව අධ්‍යාපන අමාත්‍ය ජී එල් පීරිස් මහතා පවසයි.

2020 අපොස සා පෙළ සඳහා අයදුම් කිරීමට ලබා දී ඇති කාලය දෙසැම්බර් 24 සිට 31 දක්වා දීර්ඝ කිරීමට කටයුතු කර ඇත.

තවද 2020 තෙවන පාසල් වාරය දෙසැම්බර් මස 24 දින නිමා කිරීමට තීරණය කර ඇති අතර 2021 වසරේ නව පාසල් වාරය ආරම්භ කිරීමට නියමිතව ඇත්තේ ජනවාරි මස 04 වන දිනයි. ඒ් අනුව පමාවූ අපොස සා පෙළ විභාගය පැවැත්වෙනුයේ 2021 නව පාසල් වාරය ආරම්භ වීමෙන් අනතුරුවයි.

Please follow and like us:

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

× How can I help you?