දේශපාලන පක්ෂ ලියාපදිංචිය ඇරඹේ
මැතිවරණ කොමිෂන් සභාවේ දේශපාලන පක්ෂ 150කට වැඩි සංඛ්‍යාවක් මෙම වසරට අදාළව ලියාපදිංචි විම සඳහා ඉල්ලුම්පත් යොමු කර ඇත.
පසුගිය 29 දින අයදුම්පත්රවලට අදාළ පළමු අදියරේ සම්මුඛ පරික්ෂණ අවසන් වී තිබේ.
150කට වැඩි දේශපාලන පක්ෂ තුළින් මූලික සුදුසුකම් සපුරා නොතිබීම හේතුවෙන් 40ක් පමණ පක්ෂ පළමු අවස්ථාවේදීම ඉවත් කළ බව මැතිවරණ කොමිෂන් සභාව සඳහන් කළේය.
පසුගිය වසර 04ක කාලයක් තුළ පක්ෂයක් ලෙස දේශපාලන කටයුතුවල නිරත වීම හා තවත් ප්‍රධාන කරුණු කිහිපයක් සලකා බැලීම මඟින් දේශපාලන පක්ෂ ලියාපදිංචි කිරීම සිදුකර ඇත.
මැතිවරණ කොමිෂන් සභාව මීට අමතරව සඳහන් කර ඇත්තේ ජාතික තලයේ ගැටලුවලට මැදිහත් වීම හා වසර 04ක විගණන වාර්තා ඉදිරිපත් කිරීම යන කරුණු සලකා බලන බවයි.
දේශපාලන පක්ෂ 70ක් මේ වන විට මැතිවරණ කොමිෂන් සභාව තුළ ලියාපදිංචිකර තිබේ.
Discover more from cmn.lk
Subscribe to get the latest posts sent to your email.
