කස්සප හිමි භික්ෂු ගෞරවයට දිගින් දිගටම නිගා කරමින් සිටී
අධිකරණ නියෝග මත රක්ෂිත බන්ධනාගාර ගත කර සිටින බංගොඩ කස්සප භික්ෂුව රෝහල් ගත කර සිටියදී කාර්යමණ්ඩලය පවා බිය වද්දමින් කලහ කරන ආකරය දැක්වෙන වීඩියෝ පට සමාජ මාධ්‍ය වෙත නිකුත් වී තිබේ.
ඔහු ආසන්නයේ රෝහල් කාර්යමණ්ඩලය පවා රැඳී නොසිටින අතර පොලිසියද දුරස්තව සිටිම ආරක්ෂක කටයුතුවල යෙසී සිටිති.
කොළඹ විහාරමහාදේවී උද්‍යානයේදී මේ ආකාරයෙන් කලහාකාරී ලෙස හැසිරීම නිසා රෝහල් ගතකරන ලද ඔහු වෛද්‍ය නිර්දේශ නොතකා රෝහලෙන් බැහැරව ගොස් මාධය හමුවේ ප්‍රකාශ තිබුණේ තමන්ගේ බල නහර කපා දැමීමේ අනතුරක් ඇති බවය.
මේ වනවිට අනුරාධපුර මහේස්ත්රාත්වරයාගේ නියෝගය අනුව බලංගොඩක කස්සප ඇතුළු පිරිස මත්ද්‍රව්‍ය පරීක්ෂාවක් සහ මානසික වෛද්‍ය පරීක්ෂණයකට භාජනය කිරීමට නියමිතය.
ඊයේ කස්සප හිමි සහ තවත් භික්ෂුන් කිහිප දෙනෙක් මහමග පොලු අතැතිව, පොලු කරකවමින් පරුෂ වචනයෙන් බැන වදීමින් ප්‍රසිද්ධියේ තවත් භික්ෂුවකට අභියෝග කරන අන්දම රැගත් වීඩියෝපට සමාජ මාධ්‍ය තුළ සංසරනය විය. එම ක්‍රියාව තුළින් භික්ෂුව කෙරෙහි ඇති ගෞරවය බරපතල ලෙස සමාජය තුළ හෑල්ලුවට ලක් වූ ආකාරය පිළිබද සමාජ කතිකාවක් ඇතිවිය. ඥානසාර හිමියන් කලක සිට සිදුකරන ලද වැරදි පූර්වාදර්ශයන් කස්සප හිමියන් නැවත නැවතත් සමාජගත කරමින් සිටීම ප්රජාතන්ත්රවාදී සමාජයක් අගය කරන කිසිවෙකු හෝ අනුමත නොකරන බවට ජනතාව තුළ සංවාදයක් ඇතිවී තිබේ.
Discover more from cmn.lk
Subscribe to get the latest posts sent to your email.

