කොවිඩ් ආසාදිත ලෙසට සැක සහිත පුද්ගලයෙක් රෝහලෙන් පැන යයි
Covid 19 වෛරසය ආසාදනය වී ඇතැයි සැක සහිතව ප්‍රතිකාර ලබමින් සිටි පෑලියගොඩ ප්‍රදේශයේ පුද්ගලයෙක් රාගම රෝහලෙන් පැන ගොස් ඇති බව පොලිස් මාධ්‍ය ප්‍රකාශක අජිත් රෝහණ මහතා පවසයි.
එම පුද්ගලයාගේ ඡායාරූපයක් මේ වන විට මාධ්‍යට නිකුත් කර තිබේ.
කොවිඩ් රෝගය සම්බන්ධයෙන් කරුණු සැඟවීමට උත්සහකරන පුද්ගලයින්ට එරෙහිව අපරාධ සහ නිරෝධායන නීති යටතේ නීතිමය පියවර ගන්නා බවත් රෝග ලක්ෂණ තිබෙන පුද්ගලයෙකු සැඟවීමට උත්සහ කරන පුද්ගලයෙක් හෝ එම රෝගීන් සැඟව සිටින නිවසක්, ගොඩනැඟිල්ලක් හෝ ඕනෑම නිෂ්චල දේපළක් වේ නම් ඒවා තහනමට ගැනීමට සිදුවන බව පොලිස් මාධ්‍ය ප්‍රකාශක අජිත් රෝහණ මහතා වැඩිදුරටත් අවධාරණය කරයි.
Discover more from cmn.lk
Subscribe to get the latest posts sent to your email.
