දේශීය

පාර්ලිමේන්තු කටයුතු එක් දිනකට සීමා කිරීමට තීරණය කරයි

2020 වර්ෂය සඳහා මුදල් අමාත්‍යවරයා විසින් පාර්ලිමේන්තුවට ඉදිරිපත් කළ විසර්ජන පනත් කෙටුම්පත එළඹෙන නොවැම්බර් 12 වැනිදා දෙවන වර සහ තෙවන වර කියවා සම්මත කිරීමට පාර්ලිමේන්තු කටයුතු පිළිබඳ කාරක සභාව තීරණය කර තිබේ.

අද (29) දිනයේ දී කථානායක මහින්ද යාපා අබේවර්ධන මහතාගේ ප්‍රධානත්වයෙන් පැවැති පාර්ලිමේන්තු කටයුතු පිළිබඳ කාරක සභා රැස්වීමේ දී මෙසේ තීරණය කළ බව පාර්ලිමේන්තු සන්නිවේදන දෙපාර්තමේන්තුව පවසයි.

එමෙන්ම මෙරට පවතින කොවිඩ් 19 වසංගත තත්ත්වය හේතුවෙන් පාර්ලිමේන්තු කටයුතු එක් දිනකට පමණක් සීමා කිරීමට එම රැස්වීමේ දී තීරණය කර තිබේ.

ඒ අනුව එළඹෙන නොවැම්බර් 03 වනදා පැය 2ක කාලයක් පාර්ලිමේන්තුව රැස්වන අතර එහි දී වෛද්‍ය අඥා පනතට ඉදිරිපත්කර ඇති නියෝග 2ක් විවාදයට ගැනීමට නියමිතය.

එහි දී මන්ත්‍රීවරුන්ගේ ප්‍රශ්නවාරය සඳහා කාලය වෙන් නොකරන අතර නොවැම්බර් 03 වනදා පාර්ලිමේන්තුව පැවැත්වෙන දිනයේ දී මන්ත්‍රීවරුන්, ආරාධිත නිළධාරීන්, ආරක්ෂක නිළධාරීන් සහ කාර්ය මණ්ඩලය හැර වෙනත් කිසිවෙකුට පාර්ලිමේන්තු සංකීර්ණයට ඇතුළු වීමට ඉඩ නොදේ.


Discover more from cmn.lk

Subscribe to get the latest posts sent to your email.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *