ආගමන හා විගමන දෙපාර්තමේන්තුවේ ප්‍රධාන කාර්යාලය තාවකාලිකව වැසේ

අද (02) සිට ආගමන විගමන දෙපාර්තමේන්තුවේ බත්තරමුල්ල ප්‍රධාන කාර්යාලය වෙතට  මහජනතාව පැමිණීම තාවකාලිකව අත්හිටුවා ඇති බව රජයේ ප්‍රවෘත්ති දෙපාර්තමේන්තුව නිවේදනයක් නිකුත් කරමින් සඳහන් කර ඇත.

පවතින කොවිඩ් වෛරසයේ  ව්‍යාප්තිය වැළැක්වීම සඳහා මෙම තීරණය ගත් බව සඳහන් කරයි.

අත්‍යාවශ්‍ය අවස්ථා සඳහා ගමන් බල පත්‍ර ලබා දීමට වව්නියාව, මහනුවර සහ කුරුණෑගල යන ප්‍රාදේශීය කාර්යාල විවෘතව ඇති බවත් සෞඛ්‍ය නීති රීතිවලට අනුව පැමිණිය යුතු බවත්  0707101060, 0707101070 මෙම දුරකථන අංක ඔස්සේ තම සේවාව ලබා ගැනීමට දිනය හා වේලාව වෙන්කරගෙන පැමිණීම අත්‍යාවශය බවත් දන්වා සිටී.

කෙසේවෙතත් මේවන විට ඇඳිරි නීති පනවා ඇති ප්‍රදේශවල මහජනතාවට මෙම අත්‍යාවශ්‍ය සේවාව ලබා ගැනීමේ අවස්ථාවක් නොමැති බවත් එම  පිරිස් කාර්යාලයන් වෙත පැමිණිමෙන් වැළකී සිටීම අත්‍යවශ්‍ය බවත් දන්වා සිටී.

රාජකාරි දිනයන්හි පෙරවරු 8 සිට පස්වරු 4.30 දක්වා ආගමන හා විගමන දෙපාර්තමේන්තු ප්‍රධාන කාර්යාලය මගින් ලබාගත යුතු අත්‍යවශ්‍ය සේවාවන් පහත දුරකථන අංක මගින් හෝ විද්‍යුත් තැපැල මගින් අදාළ අංශ හරහා ජනතාවට ලබා ගැනීමට පහසුකම් සලසා ඇත. පහත සඳහන් දුරකථන අංක හා විද්‍යුත් තැපැල් ලිපින ඊට අදාළ වේ.

ගමන් බලපත් අංශය – 0707101060, 0707101070

පුරවැසි අංශය – 0707101030

විදේශ දුත මණ්ඩල අංශය – 0115329233, 0115329235

වීසා අංශය – 0707101050
                     dcvisa@immigration.gov.lk
                     acvisa1@immigration.gov.lk
                     acvisa2@immigration.gov.lk
                     adcvisa@immigration.gov.lk

තොටුපළ අංශය – 0777782505

පොදු උපදෙස් හා තොරතුරු www.immigration.gov.lk

රජය විසින් ගනු ලබන ප්‍රතිපත්තිමය තීරණය හා ඇඳිරිනීතිය පැනවීම, සෞඛ්‍ය අංශ හා ආරක්ෂක අංශ තීරණයන්ට යටත් වන බවද, ඒ අනුව සේවා ලබාදීම පිළිබඳ තීරණ වරින්වර සංශෝධනය කිරීමට කටයුතු සිදු කරන බවද නිවේදනයේ වැඩිදුරටත් සඳහන්ව ඇත.

Please follow and like us:

Leave a Reply

Your email address will not be published. Required fields are marked *