කොරෝනා ඇන්ටිජන් පරීක්ෂණ මෙරටට හඳුන්වා දීමට තීරණය කරයි
කොරෝනා වෛරසය ආසාදනය වී ඇත්දැයි තහවුරු කර ගැනීම සඳහා ඇන්ටිජන් පරීක්ෂණ ලබන සතියේ සිට මෙරටට හඳුන්වා දීමට සෞඛ්‍ය අමාත්‍යාංශය තීරණය කර ඇත.
මේ වනවිට ඇන්ටිජන් පරීක්ෂණ කට්ටල රසායනාගාර පරීක්ෂාවට ලක් කරමින් සිටින බවත් මෙම පරීක්ෂණ කට්ටල ලෝක සෞඛ්‍ය සංවිධානයේ ප්‍රදානයක් ලෙස මෙරටට ලැබුණු බවත් සෞඛ්‍ය අමාත්‍යාංශය රසායනාගාර සේවා පිළිබඳ නියෝජ්‍ය අධ්‍යක්ෂ ජනරාල් විශේෂඥ වෛද්‍ය සමන් රත්නායක මහතා සඳහන් කරයි.
ඇන්ටිජන් පරීක්ෂණය මගින් කොරෝනා වෛරසය පුද්ගලයෙකුට ආසාදනය වී ඇත්දැයි වඩාත් කඩිනමින් හා පහසුවෙන් හඳුනා ගත හැකි බව විශේෂඥ වෛද්‍ය සමන් රත්නායක මහතා වැඩි දුරටත් සඳහන් කරයි.
Discover more from cmn.lk
Subscribe to get the latest posts sent to your email.
