දේශීය

මෝටර් රථ දෙපාර්තමේන්තුවෙන් විශේෂ නිවේදනයක්

හෙට (11) සිට මොටර් රථ ප්‍රවාහන දෙපාර්තමේන්තුවේ ප්‍රධාන කාර්යාල සීමිත කාර්ය මණ්ඩලයක් යොදවමින් නැවත විවෘත කිරීමට කටයුතු සූදානම් කර ඇති බව මෝටර් රථ ප්‍රවාහන කොමසාරිස් ජනරාල් සුමිත් සී. කේ අලහකෝන් මහතා නිවේදනයක් නිකුත් කරමින් සඳහන් කර ඇත.

ඒ අනුව ප්‍රධාන කාර්යාලය මඟින් සැපයෙන සේවාවන් හම්බන්තොට, අනුරාධපුරය, යාපනය, කුරුණෑගල සහ ගම්පහ යන දිස්ත්‍රික් කාර්යාල සහ වේරහැර කාර්යාලය හරහා ලබා ගැනීමට පහසුකම් සලසා තිබේ.

මහ ජනතාවට අවශ්‍ය සේවාවන් සතියේ දිනවල පෙ.ව 9.00 සිට ප.ව 4.00 දක්වා ලබා ගත හැකි අතර සේවාලාභීන් විසින් කල්වේලා ඇතිව දිනයක් හා වේලාවක් වෙන්කර ගත යුතු බවත් මෝටර් රථ ප්‍රවාහන දෙපාර්තමේන්තුව නිවේදනය කරයි.

ඒ සඳහා දුරකථන අංක කිහිපයක් හඳුන් වා දි ඇත.එම අංකවලට අමතා දිනය හා වේලාව වෙන්කරවා ගත හැක.

  • හම්බන්තොට    –  070 63 54 151 , 070 63 54 152
  • අනුරාධපුරය      –  070 63 54 153 , 070 63 54 154
  • යාපනය             –  070 63 54 155 , 070 63 54 156
  • කුරුණෑගල        –  070 63 54 157 , 070 63 54 158
  • ගම්පහ               –  070 63 54 159 , 070 63 54 160

වේරහැර කාර්යාලය මඟින් සේවා සැපයීම කොළඹ දිස්ත්‍රික්කය තුළ පදිංචි නිරෝධායන ඇඳිරිනීතිය ක්‍රියාත්මක නොවන හා අවදානම් සහිත ප්‍රදේශවලට අයත් නොවන සේවාලාභීන්ට පමණක් සීමා කර ඇත.

ඔවුන් ද සේවා ලබා ගැනීමට පැමිණීමට පෙර ඒ සඳහා පහත දුරකථන අංක අමතා වේලාවක් වෙන්කර ගත යුතු වේ.

  • විමසීම් – 070 63 54 121
  • විභාග සඳහා දින ලබාදී තිබූ අයදුම්කරුවන් හට නව දින හා වේාවන් ලබා ගැනීම –   070 63 54 122
  • ප්‍රායෝගික පරීක්ෂණ සඳහා දින ලබා දී තිබූ අයදුම්කරුවන් හට නව දින හා වේලාවන් ලබා ගැනීම – : 070 63 54 123
  • නව රියැදුරු බලපත් ලබා ගැනීම, රියැදුරු බලපත් අලුත් කිරීම, සං‌ශෝධනය කිරීම හෝ රියැදුරු බලපත් සම්බන්ධ වෙනත් විමසීම් – 070 63 54 124
  • බර සහතික හා වාහන පරීක්ෂා කිරීමට අදාළ විමසීම් – 070 63 54 125

තව ද අවදානම් සහිත ප්‍රදේශවල ජනතාව සේවා ලබා ගැනීම සඳහා කාර්යාල වෙත පැමිණීමෙන් වළකින ලෙසත්, සේවා ලබා ලැබීමට පැමිණෙන සේවාලාභීන් සෞඛ්‍යාරක්ෂිත ක්‍රමවේද තරයේ පිළිපැදිය යුතු බවත් අවධාරණය කෙරේ.

Please follow and like us:

Leave a Reply

Your email address will not be published. Required fields are marked *