Latestදේශීය

බන්දු නඩුවෙන් බින්දු නිදහස්

රංගන ශිල්පී බන්දු සමරසිංහ විසින් ගොනුකර තිබුනු නඩුවට අදාල විත්ති වාචික කැදවීමකින් තොරව ජනක කුමාර බෝතලේගම හෙවත් බින්දු බෝතලේගම ඇතුළු විත්තිකරුවන් 5 දෙනා නිදොස්කොට නිදහස් කිරීමට කොළඹ ප්‍රධාන මහේස්ත්‍රාත් ප්‍රසන්න අල්විස් මහතා ඊයේ (04) නියෝග කළා.

අනුකරණය කිරීම සම්බන්ධයෙන් බුද්ධිමය දේපල පනත යටතේ වරදක් අනාවරණය නොවන බව බුද්ධිමය දේපල කාර්යාංශයේ අධ්‍යක්ෂිකාවගේ මතය අනුව හෙළිවන බව තීන්දු කරමින් මෙම නියෝගය නිකුත් කරන්නට ප්‍රසන්න අල්විස් මහතා ක්‍රියා කළා.

බුද්ධිමය දේපල පනතේ 178 වගන්තිය ප්‍රකාරව වරදක් සිදු කර ඇති බව  සදහන් කරමින් 2015 වසරේ බන්දු සමරසිංහ විසින් ගොණුකල නඩුව වසර 08ක් පමණ ඇදී ගිය අතර මෙම නියෝගයත් සමග එහි වගඋත්තරකරුවන් වූ ජනක කුමාර බෝතලේගම හෙවත් බින්දු බෝතලේගම, චිත්‍රපට නිෂ්පාදක උදයකාන්ත වර්ණකුළසූරිය, ඩී වී ඩී චිත්‍රපට නිෂ්පාදකවරුන් වන ශ්‍රීමාල් වීරසිංහ, කැළුම් උදයකුමාර, චමින්ද කුමාර රණසිංහ යන අය එකී චෝදනාවෙන් නිදොස්කොට නිදහස ලැබුවා.

Please follow and like us:

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

× How can I help you?